Jul 09

මෙල්බර්න් නගරය සති 6කට වසා දැමේ


කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලට මුහුණදීම පිණිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය සති හයක කාලයක් සඳහා නැවතත් වසා දැමීමට එහි බලධාරීන් තීරණය කර ඇත.

ඊට අමතරව පොදු මහල් නිවාස 9ක වෙසෙන 3,000ක පමණ පිරිසක් සඳහා වඩාත් දැඩි නියාමනයක් පනවනු ලැබ තිබේ. අනෙකුත් මෙල්බර්න් වැසියන්ට අත්‍යවශ්‍ය කටයුතු සඳහා පිටතට යෑමේ අවසරය ඇතත්, මෙම මහල් නිවාස සංකීර්ණ නවයේ පදිංචිකරුවන්ට කිසිදු හේතුවක් නිසා ඒවායින් බැහැරව යා නොහැකිය.

මෙම නියමය නිසියාකාරව සිදු වන්නේදැයි අධීක්ෂණයට පොලිස් භට කණ්ඩායම් යොදවනු ලැබ ඇත. මෙතරම් දුෂ්කර නිවාස අඩස්සියේ රැඳවීමක් ඕස්ට්‍රේලියාවේ මෙතුවක් කාලයකට තිබී නැතැයිද කියැවේ.

මෙවැනි දැඩි පියවරක් ගැනීමට බලධාරීන් තීරණය කර ඇත්තේ ෆ්ලෙමිංටන් සහ උතුරු මෙල්බර්න්හි තදාසන්න ප්‍රදේශවල සමහර මහල් නිවාස සංකීර්ණවලින් ආසාදිතයන් පොකුරු වශයෙන් හමුවීම නිසාය. තමන් කෙරෙහි මෙවැනි දැඩි රැඳවුම් නියමයක් පනවනු ලැබ ඇතැයි බොහෝ මහල් නිවැසියන් දැනගෙන ඇත්තේ ඔවුන් ගොඩනැඟිල්ලෙන් පිටවීමට උත්සහ කළ අවස්ථාවේ පොලිස් භටයන් විසින් නතර කරනු ලැබූ විටය.

නිවැසියන් අතර බෙදා හරින ලද නිල ලිපියක සඳහන් වූයේ මෙම අගුළු දැමීම දින 5ක් හා 14ක් අතර කාලයක් පවතින බවයි. නමුත් සති 6ක් දක්වා එය දිගුවීම නිසා බොහෝ පිරිස් පීඩාවට පත්ව සිටිති.

මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ගෙන් බහුතරයකට ලැබෙන්නේ සීමිත ආදායමකි. ඔවුන් අතරින් බොහෝ දෙනෙක් සංක්‍රමණිකයෝ වෙති. තවත් පිරිසක් අප්‍රිකානු රටවලින්, වියට්නාමයේ සහ චීනයේ සිට සරණාගතයන් ලෙස පැමිණියවුන්ය.

ඉන් වැඩි දෙනකුට පැහැදිලිව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ද නැත.

මහල් නිවාස සංකීර්ණ තුළ වැසියන් එකම පොදු සෝපානයක් සහ පටු පොදු කොරිඩෝර භාවිත කිරීම නිසා වයිරසය පැතිරීමේ අවදානම ඉහළ මට්ටමක පැවතීම, මෙවැනි පියවරක් ගැනීමට අත්‍යවශ්‍යයෙන් හේතු වූ බව සෞඛ්‍ය බලධාරීහු පවසති.

කෙසේ වෙතත්, බොහෝ නිවැසියන් මෙවැනි තත්ත්වයක් උදාවී ඇතැයි දැනගෙන ඇත්තේ රූපවාහිනියෙනි.

තමන්ට සැලකූ ආකාරය ගැන ඔවුහු කෝපයෙන් පසු වෙති.

මිනිසුන් වශයෙන් සලකා සත්‍ය තොරතුරු දැනුම්දීමට පවා හැඟීමක් බලධාරීන් තුළ නොවූ බව පැවසූ මහල් නිවාසයන ජීවත් වන සිසුවියක් මෙසේ විමසූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

‘සතුන් මෙන් මෙසේ කූඩු කිරීමට අප කළ වරද කුමක්ද?’

Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.