Jul
18
වෛරසය ආසාදනය වූ ආරක්ෂක අංශ සාමාජිකයෙකුගේ පවුලේ සිව්දෙනෙකුට කොරෝනා
නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සිව්දෙනෙකු අද (18) දිනයේ සවස වන විට වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ ආශ්‍රිතයින් සිව්දෙනෙකුටය.
මෙම ආරක්ෂක අංශ නිලධාරියා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මවට ද මිට දින දෙකකට පෙර වෛරසය ආසාදනය වූ බවට තහවුරැව ඇති බවයි හෝමාගම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කර සිටියේ. එලෙස වෛරසය ආසාදනය වුයේ හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරිනියකට වන අතර ඇය සේවය කළ ස්ථානයේ නිලධාරින් 31ක් දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත.
අද දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සිව්දෙනා එම ආරක්ෂක අංශ නිලධාරියාගේ පියා, සහෝදරයින් දෙදෙනා සහ මිත්තණිය බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටියේ.
මෙම හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමගම අදාළ නිලධාරියාගේ නිවසේ සිටි සාමාජිකයින් 06 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ බවත් ඉන් 05 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි සෞඛ්‍ය බලධාරින් සඳහන් කරන්නේ.
මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 554ක් වනවා.
අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2702ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 2023ක්. මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 668ක් වනවා.