Jul 18

රන් භාණ්ඩ සොරකම CCTV වලින් හසුවේ


රන් මාලයක ගාන්චු පෙන්වා රු පනස් පන්දහසක් වටිනා රන් මාලයක් රැගෙන පලා ගිය සැකකරුවන් තිදෙනෙක් සහ මොටර් රථයක් සමග (17) දින බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙක් 17 දින ඉන් එක් සැකකරුවෙකු බගවන්තලාව නගරයට පැමිණ නගරයේ ස්වර්ණාභරණ වෙලදසැලකට ගොස්  තමන් සතුව ගෙල බැදි රන්මාලයක ගාන්චුවක් ඇති බවත් එය නියම රත්තරං දැයි පරික්ෂා කරදෙන ලෙස ඉල්ලිමක් කර ඇත.

එම ඉල්ලිම අනුව ස්වර්ණභරණ වෙලදසැල් හිමියා විසින් සැකකරු විසින් ලබාදුන් ගෙල බැදි මාලයේ ගාන්චුව රත්තරංදැයි පරික්ෂා කර එය රු පනස්දහසක් වටිනා බව පැවසිමෙන් පසු සැකකරු විසින් එම  මුදලට සරිලන රන් මාලයකට එය මාරු කරදෙන ලෙස ඉල්ලිමක් කර ඇත.

එම ඉල්ලිම මත වෙලදසැල් හිමියා විසින් වෙලදසැලේ අලෙවි කිරිමට තිබු රු පනස් පන්දහසක් වටිනා රන් මාලයක් සැකකරුට පෙන්වා ඇති අතර එහිදි සැකකරු විසින් වැඩි මුදල වෙලදසැල් හිමියා වෙත ලබා දි වෙලදසැල් හිමියාට ලබාදුන් රන් මාලයේ ගාන්චුව යලිත් සැකකරු අතට ගෙන සැකකරු විසින් ඉතා සුක්ෂම ලෙස එ සහා සමාන රන් ආලේපිත  රන් මාලයක ගාන්චුවක් වෙලදසැල් හිමියාට ලබා දි පිට ගොස් ඇත.

සැකකරු වෙලදසැලෙන් පිටවිමෙන් පසු වෙලදසැල් හිමියා විසින් සැකකරු ලබාදුන් ගාන්චුව යලි පරික්ෂා කිරිමේදි එය ව්‍යාජ රත්තරං බවට තහවුරු වු පසු එ පිලිබදව වෙලදසැල් හිමියා විසින් බගවන්තලාව පොලිසියට දන්වා ඇත.

බගවන්තලාව පොලිසිය විසින් සැකකරු පලා ගිය මොටර් රථයේ තොරතුරු ලබාගෙන එ පිලිබදව බගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ පිහිටි පෙට්‍රොසෝ පොලිස් මුරපොල වෙත දැනුම් දිමෙන් පසු මොටර් රථය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරුවන් සන්තකයේ තිබි අත්පලදනාවක් , පෙන්ඩන් 4 ක් , ගාන්චු 3 ක් හමු වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දිවයින පුරා මෙවැනි වංචාවන් සිදු කර ඇති බවට බගවන්තලාව පොලිසිය  සැකකරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු 37 – 38 වයස් කාණ්ඩ වල පසුවන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් 18 දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

– හැටන් රංජිත් රාජපක්ෂ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.