Jul
09
අධික රුධික වහනය වීම නිසා දැඩි සත්කාරයේදී අන්තිම ගමන ගිය සිසුවියගේ කතාව..
අපයෝජනයට ලක්වූ තරුණියක අධික රුධිර වහනය වීම හේතුවෙන් බළන්ගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත්දා (07දා) සවස මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
බළන්ගොඩ, පින්නවල, රාවණාකන්ද ප්රදේශයේ පදිංචිව සිටි හිමාෂා දෙව්මිණි දයාරත්න නමැති 17 හැවිරිදි තරුණියක මෙලෙස මියගොස් තිබෙනවා.
අපයෝජනයට ලක් කළ ගයාන් මධුසංක නමැති 24 හැවිරිදි තරුණයකු පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඔහු බළන්ගොඩ මහෙස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ මහෙස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළා.
මහන්න දුන් ඇඳුම් ලබාගැනීම සඳහා ඉකුත් 5 වැනිදා එම දැරිය නිවෙසින් බැහැරව ගොස් ඇති අතර පසුව නිවෙසට නැවත පැමිණ නැති නිසා ඒ සම්බන්ධයෙන් දැරියගේ මවුපියන් විසින් පින්නවල පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර තිබෙනවා.
දන්නා හඳුනන අයගෙන් ලබාගත් තොරතුරු අනුව එම දැරිය පින්නවල, ගයහිවත්ත ප්රදේශයේ නිවෙසක සිටින බවට මවුපියන් තොරතුරු සොයාගෙන තිබෙනවා.
වහාම මවුපියන් වලේබොඩ, පුදුකාටුව ප්රදේශයට ගොස් දැරිය ගැන සොයා බැලීමේදී නිවෙසක සිහිසුන් නොමැතිව සිටි දැරිය හමුවී ඇති බව දැරියගේ පියා වන බළන්ගොඩ, රාවණාකන්ද ප්රදේශයේ පදිංචි ඩී.ඒ. නිමල් දයාරත්න මහතා (42) පින්නවල පොලිසියට දුන් කට උත්තරයේ සඳහන්.
එම ප්රදේශයේ පදිංචි තරුණයකු දැරිය පැහැර ගෙන දැඩිලෙස ලිංගික අපචාරයක් සිදුකිරීම නිසා මෙලෙස සිහිසුන් නැතිව සිටි බව පියා පොලිසියට දුන් කට උත්තරයේ වැඩිදුරටත් සඳහන් වනවා.
ඒ අනුව මවුපියන් වහාම දැරිය පින්නවල පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව පොලිසිය මඟින් දැරිය බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත්දා (07දා) දින සවස 3.30ට පමණ දැරිය මියගොස් ඇති බවයි පොලිසියේ පැවසූයේ.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (08දා) බළන්ගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.
පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
බළන්ගොඩ - නලින්ද වලේබොඩ, කල්තොට - එස්. වීරවංශ, බළන්ගොඩ - පියසේන එන්. හේවගේ
උපුටා ගැනීම - "මව්බිම" පුවත්පත