Jul
09
මෙරට තවත් 57කට කොරෝනා තහවුරුයි.. කන්දකාඩු පොකුරක් හදිසියේම මතුවේ..
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි 56 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
එහි 450 දෙනෙකුට කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එමෙන්ම අද උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගෙන ඇති අතර ඇය ද කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.
එම මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්යමණ්ඩලය මෙසේ පරීක්ෂණවලට ලක් කරන ලදී.
මෙම මධ්‍යස්ථානයේ සිට ගෙන ගිය රැුදවියෙකුට කොරෝනා ආසාදනය වූ බව වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද පරීක්ෂණවලින් හෙලිවීමෙන් පසු මෙම පරීක්ෂණ සිදු කර ඇත.
මේ සම්බන්ධයෙන් තවදුරටත් සිදු කළ යුතු පී සී ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරමින් පවතිනවා.