Jul 09

මාරවිල කොරෝනා ආසාධිත කාන්තාව ගමන් කළ බස්රථ පිළිබඳවත් හෙළිවේ


කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් සහ කාර්යය මණ්ඩලයේ 56 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා.

ඒ, එම පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්යය මණ්ඩලයේ 450 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවල වාර්තා නිකුත් වීමත් සමගයි.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව මේ පිළිබඳ අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ මාරවිල ප‍්‍රදේශයේ කාන්තාව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා සිය නිවෙසට පැමිණ ඇත්තේ පොදු ප‍්‍රවාහන සේවය භාවිත කරමින් බවයි මේවනවිට අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව එම කාන්තාව පොළොන්නරුවේ සිට කුරුණෑගලටත්, කුරුණෑගල සිට මීගමුව බස්රථයක් මගින් දන්කොටුවටත්, දංකොටුවේ සිට නාත්තන්ඩියටත් බස්රථ මගින් පැමිණ ඇතැයි අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් ඇය මෙලෙස පොදු ප‍්‍රවාහනය භාවිත කරමින් නිවසට පැමිණ ඇත්තේ මුඛ ආවරණයක් ද පැළඳගෙන බව සඳහන්.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉකුත් දා හඳුනා ගැනුණු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා ද, මාස 03 කට අධික කාලයක් කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථානය තුළ පුනරුත්තාපනයට ලක්වූ අයෙක්.

ඔහු ඉකුත් 27 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර එවා තිබුණේ නඩු කටයුත්තක් සඳහායි. එහිදී සිදුකෙරුණු PCR පරීක්ෂණයට අනුව අදාළ රැඳවියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැුඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් 315 දෙනෙකුට ද ඉකුත් දින 02 දී ඡුක්‍ඍ පරීක්ෂණ සිදුකළ නමුත් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි එහිදී තහවුරු වුණේ.

කෙසේවෙතත් වැලිකඩ බන්ධනාගාරයේ සිට දිවයිනේ අනෙකුත් බන්ධනාගාර වෙත මාරු කර යැවුණු රැඳවියන් 150 දෙනෙකු පමණ ඡුක්‍ඍ පරීක්ෂණ අද යොමු කෙරුණා.

අද දිනයේ මේ දක්වා වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් 57 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2151 ක්.

ඉන් ආසාදිතයින් 1979 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 160 ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.