Jul
21
නිරෝධායනය වෙමින් සිටි එකම පවුලේ 4 දෙනාගෙන් 3කට කොරෝනා ආසාදනය වෙයි
වෙන්නප්පුව - වයික්කාල ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි එකම පවුලේ සිව්දෙනෙකු අතරින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඔවුන් ප‍්‍රතිකාර සඳහා මාරු කෙරුණේ මිනුවන්ගොඩ කොවිඞ්-19 ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙතයි.
ඉකුත් 07 වනදා ඩුබායි සිට මෙරටට පැමිණි ඇති මෙම පිරිස අකුරණ සහ අලවතුගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ එකම පවුලේ මව, පියා සහ අවුරුදු 07 ක් වන පිරිමි දරුවෙකුටයි.
- ජූඞ් සමන්ත