Jul
25
පැන ගිය රෝගියා නිසා සමාජියේ කොරෝනා අවදානමක්, ආසාදිතයන් මතුවිය හැකියි
කොළඹ ජාතික උණ රෝහලෙන් පැන ගොස් නැවත සොයාගත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයා හේතුවෙන් සමාජයේ කොරෝනා පැතිරීමේ අවදානමක් ඇති වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.
එම ආසාදිතයා සමාජයේ සැරිසැරීමට නිසා ඔහුට සමාජයේ නිරාවරණය වූ පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ද ඔහු පැවසීය.
ආසාදිතයා රෝහලෙන් බැහැරව ගමන් කළ ස්ථාන ඇසුරු කළ පුද්ගලයන් පිලිබඳව ගැඹුරින් සොයමින් සිටින බවද එසේ පුද්ගලයන් ඇත්නම් වහාම නිරෝධායන යොමු කරන බවද සමරවීර මහතා සඳහන් කළේය.
මෙම රෝගියා සමාජයේ සැරිසැරීම ගැටලුවක් බවත් ඒ හේතුවෙන් කොරෝනා අවදානමක් නැවතත් සමාජය තුළින් මතු වී තිබෙන බවත් පැවසූ ඔහු එම රෝගියාට කිසිවකු නිරාවරණය වූයේ නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්නයි ඉල්ලා සිටියේය.
කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් අවසන් වී නොමැති නිසා ලංකාව තුළත් ඒ අවදානම අවසාන වී නැතැයි ද ඔහු තවදුරටත් පැවසුවේය.
ආසාදිතයන් ඕනෑම මොහොතක සමාජය තුළින් මතුවීමේ අවදානමක් ඇති නිසා ඒ ගැන ජනතාව අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
රෝගීන් සොයා පරීක්ෂණ කොතරම් කළ ද අතහැරුණු ආසාදිතයෙකු සිටීමට ඉඩ ඇති බවද පැවසූ ඔහු නිරන්තරයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය යයිද අවධාරණය කලේය.