Jul 04

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ හිමිකම් ඉන්දියාවට දෙන්න අත්සන් කළ නිසා ගැටලු රැසක්


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කටයුතු සිදු කිරීමට ඉකුත් යහපාලන ආණ්ඩුවේ අවසන් භාගයේ එළඹ ඇති සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇතැයි ශී‍්‍ර ලංකා වරාය අධිකාරිය පවසනවා.

එහි සභාපති විශ‍්‍රාමික ජනරාල් දයා රත්නායක සදහන් කළේ කිසිදු අවබෝධයකින් තොරව එළඹ ඇති මෙම ගිවිසුම හේතුවෙන් ගැටළු රැසක් මතුවී ඇති බවයි.

අදාළ ගිවිසුමෙන් සියයට 51 ක් ශී‍්‍ර ලංකාවට අයත් වන අතර ජපානයට සියයට 44 ක්ද ඉන්දියාවට සියයට 5 ක් ද හිමි වී තිබෙනවා. කෙසේවෙතත් චීනයෙන් ගෙන් වූ දොඹකර 3 ක් නැගෙනහිර පර්යන්තයේ සවි කිරීම සම්බන්ධයෙනුයි ඉකුත් සමයේ දැඩි කතාබහක් මතුව තිබුණේ.

ඒ, එලෙස ගෙනආ දොඹකර දින 13 ක් පුරා ගොඩබෑමට නොහැකිව නෞකාවේම තබාගැනීමට සිදුවීමත් සමගයි. දොඹකර නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමට ජපානය එකඟතාවය පළ කර තිබුණද ඉන්දියාව ඊට විරෝධය පළ කර තිබීම ඊට හේතු වුණා.

කෙසේවෙතත් වරාය වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡුාවකදී අග‍්‍රාමාත්‍යවරයා එකගතාවය පළ කර තිබුණේ අදාළ දොඹකර නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමට අවස්ථාව ලබාදීමටයි.

කෙසේවෙතත් කොළඹ වරායේ ජයබහලූ පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කර වාර්තා කිරීම සදහා ජනාධිපතිවරයා පංච පුද්ගල කමිටුවක් පත් කරන්නේ ඒ අතරතුරයි.

එම කමිටුව දින 45 ක් ඇතුළත සිය වාර්තාව ඉදිරිපත් කළ යුතු වනවා. ශී‍්‍ර ලංකා රජය සෙසු රාජ්‍යයන් සමග කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් එළඹ ඇති ගිවිසුම් පිළිබද අධ්‍යයනය කිරීම මෙම කමිටුවට පැවරෙන ප‍්‍රධාන වගකීමක්.

නැගෙනහිර පර්යන්තයට ගොඩබෑමට අවසර දී ඇති දොඹකර මෙහෙයුම් කටයුතු සදහා යොදාගත හැකි දැයි නෙත් නිවුස් සොයා බැලීමක් කළා. වෘත්තීය සමිති පවසන්නේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කලක් ගතවනු ඇති බවයි.

දින 13 කට පසු ඉකුත් ජූනි මස 20 වන දින චීනයෙන් මෙරටට ගෙන්වූ ග‍්‍රැන්ටි දොඹකර තුනෙන් එකක් පමණක් ඊයේ රාති‍්‍රය වනවිට නැගෙනහිර පර්යන්තයට ගොඩබෑම සිදුකර තිබුණා. සෙසු දොඹකර ගොඩබෑමට දින 2 ක් ගතවනු ඇති බවටයි වෘත්තීය සමිති පැවසුවේ.

Source - නෙත් News
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.