Jul 27

13 හැවිරිදි සිසුවියක් ඝාතනය කර වැටකෙයියා ගසක එල්ලූ ඇඟ කිළිපොලා යන සිද්ධියේ සුල මුල හෙළිවෙයි


මීට වසර දෙකකට පමණ පෙර ගාල්ල, දඩල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලා 13 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙන්නේ.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ රත්නපුර, නිරිඇල්ල – බටහිර උඩනිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි සැකකරුවෙක්.

රත්නපුර ,ගොඩකවෙල, පල්ලෙබැද්ද – ගල්පාය, බඹරගල පදිංචිව සිටි 13 හැවිරිදි බාල වයස්කාර සිසුවියක් 2018 ඔක්තෝම්බර් 02වන දින ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිටදි මෙලෙස එල්ලා මරා දමා තිබුණා.

අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලීසිය කියා සිටියේ ඝාතනයට ලක්වු සිසුවිය 2018 සැප්තැම්බර් 28වන දින සැකකරු සමඟ නිවසින් පිටව ගොස් හෝටලයක සහ සැකකරුගේ මොරටුවේ මිතුරකුගේ නිවසේ නතරව සිට දින හතරකට පසු ගාල්ලට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ඇය ආපසු නිවසට යාමට නොහැකි බව පැවසීම නිසා, එසේ නම් දෙදෙනා එකට මිය යමුයි පවසා සැකකරු ඇය දඩල්ල කනත්ත අසලට කැඳවාගෙන ගොස් ඇති බවයි.

එහිදි පොලිසිය වැඩිදුරටත් කියාසිටියේ වේදනා නාශක පෙති විශාල ප්‍රමාණයක් කුඩුකර වතුර සමඟ කලවම් කර ඇයට පානය කිරීමට දි ඇති බවත් එවිට ඇය සිහි මූර්ජාවි ඇති බවත් පසුව ඇයගේ බෑගයේ තිබු සායක් ඉරා පටියක් ගෙන වැටකෙයියා ගසක අත්තක ගැටගසා මාලයක් සකසා ඇති සැකකරු ඇය ඔසවාගෙන ගසට නැග එය ඇයගේ බෙල්ලට දමා පහළට තල්ලුකර ඇති බවත්ය.
මියගිය සිසුවිය විසින් ඇයගේ සහෝදරියට ගන්නා ලද දුරකථන ඇමතුම්වල අංක ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.