Jun
02
පුද්ගලික වාහනයෙන් යද්දී අවශ්‍ය නැති බව දැනුම් දෙයි
තමන්ගේ පෞද්ගලික වාහනයකින් ගමන් බිමන් යන විට මුහුණු ආවරණ පැලදීම අවශ්‍ය නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.
එවන් උපදේශයක් නිකුත් කර නැති බවද ඇය සඳහන් කලාය.
ඒ අනුව සෞඛ්‍යය අමාත්‍යාංශය සහ පොලිසිය විසින් ඒ සම්බන්ධයෙන් කරුණු දැනුම් දීමක්ද සිදු කර ඇත.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකර ඇති දැනුම් දීම ගැන පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බවයි.
කෙසේ නමුත් කුලී රථ සේවාවන් යෙදෙන සහ මගී ප්‍රවාහනයේ දෙන සියලු වාහන සහා ඒවායේ මගීන් මුහුණු ආවරණ පැළඳිය යුතු බවද ඔහු පැවසීය.