Jun
02
මාලිගාවත්තේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
මාලිගාවත්ත ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ප්‍රධාන සැකකරු ඊයේ(01) රාත්‍රී 7.50 ට පමණ කොටහේන පොලිස් වසමේ සුපිරි වෙලඳ සැලක් අසල දී රාජගිරිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට නිෂ්පාදිත රිවෝල්වර ගිනි අවියක් සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර තිබේ.
සැකකරු වයස අවුරුදු 31 ක් වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ දින සවස වැල්ලම්පිටිය හා මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 31 ක් වන කොළොන්නාව හා මාලිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
එක් සැකකරුවෙක් එම අවස්ථාවේ දී තුවාල ලබා සිට ඇති බැවින් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(02) අළුත් කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පසුගිය මැයි මස 30 වන දා සවස 5 ට පමණ මාලිගාවත්ත පොලිස් වසමේ ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ දී වෙඩි තැබීමක් හේතුවෙන් එහි පදිංදි වයස අවුරුදු 35 ක් වු පුද්ගලයෙක් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලීසිය විසින් එක් සැකකරුවෙක් මැයි 31 වන දින අත්අඩංගුවට ගත් අතර එම පුද්ගලයා ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ජූනි 7 වන දා දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.