Jun
02
අවමංගල්‍යවලදි දේහය ආදාහනය කරන විදිහ දැනුම් දේ
අවමංගල්‍ය කටයුත්තක් සිදු කිරීමේදී එම නිවාසවල කැරම්, දාම්, කාඩ් ක්රීඩා කිරීමෙන් වැළකෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.
කොරෝනා වයිරසයෙන් වැලකීම සඳහා වන මාර්ගෝපදේ මාලාවේ මේ බව ඔහු සඳහන් කර ඇත.
එම දේහය හැකි ඉක්මනින් ආදාහනය හෝ භූමදානය කළ යුතු බවද උපදේශන මාලාවේ දැක්වේ.
අවමංගල නිවාසයන්හි මත්පැන් පානය, දුම්පානය, බුලත්විට කෑම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර පැමිණෙන අයට කිසියම් පානයක් ලබා දීමට අවශ්‍ය නම් උණුසුම් බීමක් එක් වරක් පමණක් භාවිතා කළ හැකි ඉවත දමන කෝප්පයක පිළිගන්වන ලෙස දැනුම් දී ඇත.