Jun
30
හිටපු අමාත්‍යවරුන්ගේ වාහන 5ක් අත්අඩංගුවට ගැනීමට මැකොගෙන් උපදෙස්
හිටපු අමාත්‍යවරුන් විසින් භාවිත කළ වාහන 5ක් පමණ ආපසු භාර දී නොමැති බවත් ඒවා අත්අඩංගුවට ගැනීමට උපදෙස් දුන් බවත් මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙසේ වාහන භාවිත කරන අයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අය කළ යුතු බවත් ඔවුන් එම මුදල්ද ගෙවා නොමැති බව කොමසාරිස්වරයා සඳහන් කළේය.
මෙසේ වාහන භාවිත කිරීම සම්බන්ධයෙන් පෙත්සම් විභාගයකින් අනතුරුව ඔහු එයට වැරදිකරුවෙකු වුවහොත් ඡන්දය ඡයග්‍රහණය කර මන්ත්‍රීධුරයක් හිමිකරගත්තද එය අහිමිවීමට ඉඩ ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
සමස්තයක් ලෙස ගත්විට මෙවර මැතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කිරීම් සිදුව නොමැති බවත් තර්ජන කිරීම් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
එසේම රාජ්‍ය ආයතනවල කටවුට් නොමැති බවත් රජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් බරපතල පැමිණිලි නොමැති බවත් ඔහු සඳහන් කළේය.
- රුවන් කාශ්‍යප
Source - ada.lk