Jun 19

පුත්තලමේ මද්‍රාසා පාසලක දරුවන් 26කට මනුෂ්‍ය ඝාතනය ගැන දේශන


පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් දුෂ්‍යාත් අහමඩ් හා ෂැංගිලා හෝටලයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරු වූ මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන බෝම්බකරුවන් සමඟ බෝම්බ ප්‍රහාරවලට අදාළ සබඳතා පැවැත්වූයේ යැයි මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය මේ මස 24 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සහභාගි කරවන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (18දා) නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඊට අමතරව නඩුවේ සාක්‍ෂිකරුවන් වන නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අයගේ මූලිකත්වයෙන් පවත්වාගෙන ගිය “සේව් ද පර්ල්” නමැති පුණ්‍ය ආයතනය මඟින් පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “අල් සුදරියා” නමැති මද්‍රසා පාසල් පරිශ්‍රයේ පවත්වාගෙන ගිය දේශනවලට සහභාගි වූ දරුවන් 10 දෙනකුට එදින (24දා) හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් වන ලෙසටද කොටුව මහෙස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.

අදාළ පාසලේ පැවැත්වූ දේශන සඳහා වාර ගණනාවක් නීතිඥ හිජාස් හිස්බුල්ලා නමැති අයකු පැමිණ ඇති බවට දරුවන් ප්‍රකාශ කර ඇති බවද අදාළ දරුවන් 10 දෙනා එම නම හඳුනන බවට ප්‍රකාශ කර ඇති බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සැලකර සිටියේය.

අදාළ පාසලේ දේශනවලට 26 දෙනකු සහභාගි වූ බවට හඳුනාගෙන ඇති බවද අදාළ දේශන මඟින් මුස්ලිම් ධර්මය, ද්‍රවිඩ භාෂාව, ගණිතය හා කුරානය පිළිබඳ දේශන පවත්වා ඇති බවට දරුවන් ප්‍රකාශ කර ඇති බවද ඊට අමතරව අවි පුහුණුව සම්බන්ධ පුහුණුව, දරුවන්ගේ වයස් සීමාවට එහා ගිය මිලිටරිකරණය ඇතුළත් දේශන එම පාසල මඟින් ඊට අමතරව දරුවන්ට ලබාදී ඇති අවි ආයුධ පුහුණුවීම් අතරතුර පූර්ණ ලෙස මනුෂ්‍යයන් ඝාතනය කිරීම වැනි සමාජය කෙරෙහි වෛරයක් ඇති කිරීමේ අදහස් ඇතිවෙන දේශන පැවැත්වූ බවට කරුණු අනාවරණය වී ඇති බවද සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේය.

එම පාසලේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ මොහොමඩ් ඊබ්‍රහිම් දුෂ්‍යාත් අහමඩ් මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අය දේශන පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කරනු ලැබිණි.

අදාළ මද්‍රාසා පාසල ‘මොහොමඩ් රිකාස්’ නමැති මවුලවිවරයකුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළ අතර බෝම්බකරුවන් දෙදෙනා සමඟ නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය සන්නිවේදන කටයුතු කළ බවට සැකකෙරෙන ජංගම දුරකථන 9ක් සහ එම ජංගම දුරකථනවලට භාවිත කළ අංක 7ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවද එම දුරකථන 9න් එකක් වූ මිල අධික ඇපල් වර්ගයේ දුරකථනයක් අලාභ හානි වූයේ යැයි නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය විනාශ කර කුණු බක්කියට දමා ඇති බවද එම දුරකථනය සහිත කුණු බක්කිය කොළඹ නගර සභාව විසින් රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

විනාශ කරන කාලසීමාවේ වගකීමක් සහිතව තිබූ අදාළ ජංගම දුරකථනය විනාශ කිරීම ගැටලු සහගත බවද අදාළ මද්‍රාසා පාසලට දරුවන් බඳවා ගැනීම සඳහා නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අය ගෙයින් ගෙට ගොස් ඇති බවද අදාළ පාසලට කොළඹ 14 -15 යන ප්‍රදේශවලින් දරුවන් බඳවාගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එම දරුවන්ගේ ලිපිනයන් ඇතුළු ලබාදී ඇති භෞතික විස්තර සාවද්‍ය බවට හෙළි වී ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටි අතර අදාළ පාසල තුළදී පැවැත්වූ දේශන මඟින් හිජාස් හිස්බුල්ලා යන අය තමන් මෙන් නීතිඥවරයකු වීමට හැකියාව ඇති බවට දරුවන්ට ප්‍රකාශ කර ඇති බවද එලෙසම අසාධාරණ සමාජය ඊට ඉඩ නොදෙන බව ප්‍රකාශ කර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දන්වා සිටියේය.

අමිල අබේරත්න
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.