Jun 19

පාතාලයේ කෝටි 40 ක් ගාමන්ට් කොල්ලාගේ ගිණුමේ


ගොනාකෝවිලේ අංජු සහ ධර්මසිරි යන පාතාල නායකයන් මෙහෙයවන හෙරොයින් ජාවාරමෙන් ලැබෙන රුපියල් ලක්‍ෂ හාරදහස් නමසියයක මුදලක් තම බැංකු ගිණුමේ තැන්පත් කරගෙන ඒ හරහා ගනුදෙනු කරමින් සිටි ඇගලූම් කම්හල් සේවකයකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් ඊයේ (18 දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

 එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන පවත්වමින් සිටියහ. ඊයේ දහවල් ඔහු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට භාර වී තිබේ.

 එහිදී අත්අඩංගුවට ගත් සැකකරු දින 21 කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසිය අධිකරණයෙන් අවසර ලබා ගත්තේය.

 පාතාල කල්ලි නායක ගොනාකෝවිලේ අංජු සහ ධර්මසිරි මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන රුපියල් කෝටි ගණනක මුදල් තැන්පත් කර තිබී ඇත්තේ මෙම ඇගලූම් කම්හල් සේවකයා පිළියන්දල ප‍්‍රදේශයේ බැංකුවක තම නමින් පවත්වාගෙන යන ගිණුමක බව පොලිස් විමර්ශනවලින් හෙළි විය.

 පොලිසිය එම බැංකු ගිණුම පරීක්‍ෂා කිරීමට යද්දී ඇගලූම් කම්හල් සේවකයා තම ගිණුමේ තිබූ සියලූ මුදල් ආපසු ලබාගෙන තිබිණි.

 මෙම ඇ`ගලූම් කම්හල් සේවකයා අංජුගේ සහ ධර්මසිරිගේ කිට්ටුවන්ත මිතුරෙකි. මීට මාස කීපයකට පෙර අංජුගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

 පිළියන්දල ප‍්‍රදේශයේ බැංකුවක තිබු මෙම ගිණුම පිළිබඳව පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත්තේ මෙම ජාවාරම්කරුගෙන් ප‍්‍රශ්න කිරීමේදීය.

 අංජු සහ ධර්මසිරි මෙහෙයවන කුඩු ජාවාරමෙන් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් මෙම ගිණුමේ තැන්පත් කර ඇත්තේ 2018 වසරේ සිටය.

 ගොනාකෝවිලේ අංජු මේ වනවිට ඉතාලියේ සැගව සිටින අතර ඔහුගේ සමීපතම සගයා වන ධර්මසිරි නමැත්තා ඩුබායි සිට මේ හෙරොයින් ජාවාරම මෙහෙයවන බව විමර්ශ වලදී අනාවරණය වී ඇත.

 මොරටුුව සොයිසාපුර අවන්හලට පසුගියදා ප‍්‍රහාර එල්ල කරනු ලැබුවේ අංජුගේ සහ ධර්මසිරිගේ නියෝග මත බව පොලිසිය පවසයි.

 නුගේගොඩ කොට්ඨාස අපරාධ ඒකකයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.

හේමන්ත රන්දුණු
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.