Jun 03

කිළිනොච්චියේ පාසල් සිසුවා මෝටර් රියක් නිපදවලා


ඉවතලන ද්‍රව්‍ය උපයෝගි කරගෙන කුඩා මෝටර් රථයක් නිපදවන ලද කිළිනොච්චියේ පාසල් ශිෂ්‍යයාට ආධාර කිරීමට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික්ක්කයේ හිටපු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මහතා ඉදිරිපත් වී සිටියි.

හිටපු මන්ත‍්‍රීවරයා එම සිසුවාගේ නිවසට ගොස් ඔහුට එම මෝටර් රථය තවදුරටත් වැඩිදියුණු කොට නිපදවීම සඳහා අවශ්‍ය කාර්මික ඥාණය හා යටිතල පහසුකම් ආයතන කීපයක් සමග සාකච්ජා කොට ලබා දීමට හිටපු මන්ත‍්‍රීවරයා එකඟ වී තිබේ.

 පෞද්ගලික මුදල් පරිත්‍යාගයක්ද හිටපු මන්ත‍්‍රීවරයා විසින් එම සිසුවා වෙත සිදුකොට ඇත. මෙවැනි කුඩා මෝටර් රථයක් නිර්මාණය කරනු ලැබුවේ කිළිනොච්චි, පරන්තන් ප‍්‍රදේශයේ වයස අවුරුදු විස්සක පාසල් සිසුවකු වන අතර ඔහු කිළිනොච්චිය මහා විiාලයේ අරුල්දාසන් රොෂාන් නමැති ශිෂ්‍යයායි. එම කුඩා මෝටර් රථය ඔහු විසින්ම සැලසුම් කොට තිබේ.

 කැඞී ගිය යතුරුපැදියක එන්ජින් කොටස් හා වෙනත් වාහනවල ඉවත ලන කොටස් උපයෝගී කරගෙන ඔහු විසින් නිපදවන ලද එම කුඩා මෝටර් රථයට පැයට කිලෝමීටර් 60 ක වේගයෙන් ගමන් කළ හැකි අතර එක් කිලෝමීටරයක් සඳහා වැය වන්නේ ශත හැත්තෑවක පමණ මුදලකි.

 ඉතා පහසුවෙන් හතර දෙනකුට මෙම කුඩා මෝටර් රථයේ ගමන් කළ හැකි අතර එය නිපද වූ සිසුවා අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් පසුව මෙවැනි මෝටර් රථ නිපදවීම කෙරෙහි ඔහුගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

දිනසේන රතුගමගේ
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.