Jun 20

හිරේ ඉන්න පාතාලයන්ට සහය දෙන දුෂිත නිලධාරීන් හමුවෙයි


බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයන් සමඟ සබඳතා පවත්වන නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙන බවත්, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බවත් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

 කොළඹ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ පෙරේදා (18 වැනිදා) පැවති විශේෂ සකජ්ජාවකදී එසේ ප‍්‍රකාශ කළ ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

 බන්ධනාගාරගතව සිටින පාතාල අපරාධකරුවන්ට සහාය දෙන්න එපා. එසේ සහාය ලබාදුන් නිලධාරීන් පිළිබඳව නීතිය ක‍්‍රියත්මක කරන නිලධාරීන් විසින් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දූෂිත නිලධාරීන් පිළිබඳව අප දිගින් දිගටම විමර්ශන කරගෙන යන විට අපට දොස්නඟන්න එපා. එවැනි දේවල්වලින් වැළකී ගෞරවණීය ලෙස රාජකාරිය කරන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයේ නිලධාරීන් සහ මහජනතාව බන්ධනාගාර නිලධාරීන්ගෙන් දූෂණයෙන් තොර ගෞරවනීය සේවාවක් අපේක්ෂා කරනවා. පාතාල අපරාධකරුවන්ට හසු නොවී දූෂණයෙන් තොර බන්ධනාගාර

 පද්ධතියක් ඇති කිරීම සඳහා තම හෘද සාක්‍ෂියට අනුව සේවය ඉටු කරන්න.

 වෙලේසුදා හෝ කංජිපානි ඉම්රාන් වැනි සංවිධානාත්මක අපරාධකරුවන් විසින් ලබාදුන් මුදල්වලින් ඔබේ දරුවන් පෝෂණය කරන්න පුළුවන්ද? ළමුන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න පුළුවන්ද? ඒ පිළිබඳව මරණ මංචකයේදී පසුතැවිලි වීමට කිසි විටෙකත් ඉඩ තබන්න එපා. එසේම ඔබේ විශ‍්‍රාම දිවියේදී පසුතැවෙන්න සිදුවිය හැකියි. අධිකරණ අමාත්‍යාංශය යටතේ මෙම දෙපාර්තමේන්තුව ක‍්‍රියාත්මකයි. එසේ වුවද දිවයින  පුරා පිහිටි

බන්ධනාගාරවල සිටින සිරකරුවන් 27,000 කට වැඩි ප‍්‍රමාණයක් ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම නිසා දෙපාර්තමේන්තුවට අදාළ ගැටලූවලට සම්බන්ධවීමට මට අයිතියක් තිබෙනවා.

 රටේ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජීවිත තර්ජන නොතකා විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් නිලධාරීන් අවදානමක් ගනිමින් සිටිනවා. අනාගත පරපුරට අපරාධවලින් තොර ජීවිතයක් ගත කිරීම සඳහා නීත්‍යානුකූල පරිසරයක් නිර්මාණය කිරීමට බන්ධනාගාරවලට වගකීමක් තිබෙනවා. බන්ධනාගාරය තුළ අවංක නිලධාරීන් මෙන්ම දූෂිත නිලධාරීන් විශාල ප‍්‍රමාණයක් සිටින බව සමාජයේ මතයක් තිබෙනවා. ජනාධිපතිවරයා සිය පත්වීමෙන් පසුව බන්ධනාගාරවල තත්ත්වය ඉතා කනගාටුදායක බවත්, පාතාල ක‍්‍රියාකාරකම් සහ සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම බන්ධනාගාරය තුළ සිට ක‍්‍රියාත්මක වන බවත් කිවුවා. බන්ධනාගාරවලින් ලබාගත් දුරකථන ඇමතුම් දහස් ගණනක් රාජ්‍ය බුද්ධි සේවය විසින් විශ්ලේෂණය කර තිබෙනවා.

 දූෂණයට සම්බන්ධ නොවී වැරදි මාර්ග නිවැරදි කිරීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා. රිමාන්ඞ් කරන ලද මත්ද්‍රව්‍ය භාවිතා කළ අයකු මාස කිහිපයකට පසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස බන්ධනාගාරයෙන් පිටතට පැමිණේ නම්, පද්ධතියේ කොතැනක හෝ කුමක් හෝ වැරදි දෙයක් තිබෙනවා. එය කාගේ වරදක් දැයි ඔබේ හෘදය සාක්ෂියෙන් විමසන්න.

 ගෞරවනීය හා ආඩම්බර වෘත්තියක සාමාජිකයකු ලෙස දිනක බන්ධනාගාර සේවයෙන් විශ‍්‍රාම ලබන්න. සියලූ රැුඳවියන්ට එක හා සමානව සලකන්න. යමෙක් බිම අපහසුවෙන් නිදාගන්නා

 විට තවත් කෙනෙක් සැප පහසු මෙට්ටයක් මත නිදාගත නොහැකියි. ඔවුන්ගේ ගැටලූ සොයා බලන්න. එවිට ඔවුන් ඔවුන්ගේ හදවතින්ම ඔබට ආදරය කරයි. අව්‍යාජ සේවයක් කරන නිලධාරීන්හට තර්ජන හා දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකියි. නමුත් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සිටිනවා. එබැවින් කිසි විටකත් ආපසු හැරිය යුතු නැහැ.

ලසිත දුමින්ද
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.