Jun
16
බූස්ස බන්ධනාගාරයේ හිටිහැටියේ සිදුවූ වෙනස මෙන්න
බුස්ස බන්ධනාගාරයේ සිර මැදිරි තුල තිබි පසුගිය දිනවල ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් හමුවිමත් සමග රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් බන්ධනාගාරය තුල දුරකතන සංඥා අවහිර කිරිමේ යන්ත්‍රයක් සවි කිරිමට ඊයේ (15) සවස පියවර ගෙන ඇත.
මේ නිසා ජංගම දුර කතනවලින් බන්ධනාගාරය තුල සිට පිටතට ඇමතුම් ගැනිමටද බන්ධනගාරයට ඇමතුම් ගැනිමටද බාධා පැමිණ ඇති නමුත් සෘජු දුරකතනවලට එයින් බාධාවක් නොමැති බව බන්ධනාගාර නිලධාරිහු පවසති.
එහෙත් බන්ධනාගාරයේ සිට මිටර් දෙතුන් සියක් ඇතුලත පදිංචිකරුවන් පවසන්නේ බන්ධනාගාරය තුල සංඥා අවහිර කිරිම තමන්ටද බලපා ඇති බවය.
එ් නිසා එම සංඥා අවහිර කිරිම බන්ධනාගාරය තුලට පමණක් සීමාවන පරිදි සවි කරන ලෙසද ප්‍රදේශවාසිහු ඉල්ලා සිටිති
Source - නෙත් Gossip