Jun 16

චම්පික - අර්ජුන - රාජිත - අනුර ඇතුළු 17කට නොතීසි !


ඇවන්ගාඩ් හා රක්නා ලංකා ආරක්ෂිත සමාගම සිදුකරනු ලැබූ මුහුදු ආරක්ෂක සේවාව බලහත්කාරයෙන් පවරා ගැනීමට පැවැති රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති විසින් කරන ලද පැමිණිල්ලට අදාළව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඊයේ (15දා) ප්‍රබල දේශපාලනඥයන් 4 දෙනකු ඇතුළුව 17 දෙනකුට නොතීසි නිකුත් කළේය.

නිශ්ශංක සේනාධිපති මහතා එම කොමිසම හමුවේ ඊයේ දින (15දා) ලබාදුන් සාක්කි සලකා බලා පාර්ශ්ව 17කට සිතාසි නිකුත් කරන්නැයි කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා නියෝග කළේය.

ඒ අනුව හිටපු අමාත්‍යවරුන් වනු පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ, හිටපු නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ. ඩී. ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, රියර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල, ගාල්ල වරාය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දුක,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක අලුත්ගේ සෙනරත්, සහකාර පොලිස් අධිකාරි ලසන්ත රත්නායක, අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර, රජයේ ජේ‍යෂ්ඨ අධි නීතිඥ ජනක බණ්ඩාර, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ලුතිනන් කමාන්ඩර් ඩබ්. එච්.පී. වීරසිංහ යන මහත්ම මහත්මීන්ට එලෙස සිතාසි නිකුත් කිරීමට නියම කෙරිණි.

අදාළ සිතාසි ලත් පාර්ශ්වකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන විමර්ශන පවත්වන ලෙසට සභාපති විනිසුරුවරයා කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට වැඩිදුරටත් නියෝග කර සිටියේය.

පහන් විජේසේකර
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.