Jun 14

ආණමඩුවේ බාලවයස් දැරියක් අපයෝජනය කල සුද්දා


බාලවයස්කාර දැරිවියකට ලිංගිත අතවරයක් සිදු කළ බව කියන එංගලන්ත ජාතිකයෙකුව ආණමඩුව පොලීසිය විසින් 13 වැනිදා රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව - මුදලක්කුලියේ පදිංචිව සිටි 63 හැවිරිදි අයෙකුවය. සැකකරු විසින් අතවරයට ලක් කර ඇත්තේ 11 හැවිරිදි දැරිවියක්ව බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මීට වසර 25 කට පමණ පෙර මෙරටට පමිණ ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර එහිදී දැන හදුනා ගත් කාන්තාවක් සමග පැමිණ ආණමඩුව -මුදලක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

මීට මාස 02 කට පමණ පෙර සැකකරු විසින් තම දියණියට අපරාධයක් සිදු කර ඇති බව එම කාන්තාව විසින් 13 වැනිදා සවස ආණමඩුව පොලීසියට පැමිණිළි කරමින් සදහන් කර තිබෙනවා.

පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පැමිණිල්ලට අනුවය. තමන්ට මෙරට පුරවැසි භාවය ඇති බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති නමුත් ඒ සදහා වන  ලියකියවිලි සැකකරු පොලීසියට ඉදිරිපත් කර නැත.

ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත
Source - මව්බිම
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.