Jun 10

පාසල් අදියර 4කින් විවෘත වෙයි. විභාග තියන දින මෙන්න


කොරෝනා රෝගය රට තුළ පැතිරයෑමේ අවදානමත් සමග මාර්තු මස 12 වැනිදා සිට වසා දැමුණු පාසල් නැවත ආරම්භ කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර හතරකින් සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (09දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

පළමු අදියර ජුනි 29 වැනිදා ආරම්භ කරන අතර එදින විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, දෙමාපිය සංගම් පමණක් පාසලට පැමිණ සාකච්ඡුා කර සෞඛ්‍ය අංශ උපදෙස් අනුව පාසල් විෂබීජහරණය කිරීම, කාලසටහන් සකස් කිරීම ඇතුළු ආරක්ෂක පියවර ජූලි 03 වැනිදා තෙක් සිදු කළ යුතුය.

දෙවැනි අදියර ලෙස ජුලි 06 වැනිදා සිට 05, 11, 13, ශ්‍රේණිවල දරුවන් පමණක් පාසල්වලට පැමිණ ජූලි 17 දා තෙක් අධ්‍යයන කටයුතු සිදු කළ යුතුය.

තෙවැනි අදියර ලෙස ජූලි 20 වැනිදා 10 සහ 12 ශ්‍රේණිවල දරුවන් පාසල්වලට පැමිණිය යුතුය. ජූලි 27 වැනිදා 03, 04, 06, 07, 08, 09 ශ්‍රේණිවල දරුවන් පාසලට පැමිණිය යුතුය. 01 සහ 02 ශ්‍රේණිවල දරුවන් පාසලට පැමිණෙන දිනය පසුව දැනුම් දීමට නියමිතය.

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ (2020) විභාගය සැප්තැම්බර් 07 ආරම්භ වී ඔක්තෝබර් 02 දක්වා පැවැත්වේ. මීට පෙර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මුල දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනි ඉරිදා පැවැත්වේ. මෙම විභාගය මීට පෙර අගෝස්තු 03 දා පැවැත්වීමට නියමිතව තිබිණි.

නව පාසල් වාරය ආරම්භ කිරීමෙන් පසු 03, 04 ශ්‍රේණි පෙරවරු 7.30 ට ආරම්භ කර දහවල් 12.00 දක්්වාද, 05, 06, 07, 08, 09 ශ්‍රේණි පෙරවරු 7.30ට ආරම්භ කර දහවල් 1.30 දක්වාද, 10,11,12,13, ශ්‍රේණි පෙරවරු 7.30ට ආරම්භ කර සවස 3.30 දක්වාද පැවැත්වේ.

උසස් පෙළ විභාගය මෙතෙක් ආවරණය කළ විෂය නිර්දේශ අනුව පවත්වනවාද, එසේ නොමැතිව විෂය නිර්දේශ ආවරණය කර විභාගය පවත්වනවාද යන්න සම්බන්ධයෙන් දරුවන් නියැදියක් ගෙන සිදු කළ අධ්‍යයනයේදී, විෂය නිර්දේශ ආවරණය කර විභාගය පැවැත්වීමට දරුවන් වැඩි පිරිසක් කැමැත්ත ප‍්‍රකාශ කිරීම නිසා සති අන්ත දින හැර අනෙකුත් දිනවල සවස 3.30 දක්වා පාසල් පවත්වාගෙන යෑමට තීරණය කළ බවද ඇමැතිවරයා කීවේය.

පාසල්වල සනීපාරක්ෂක කටයුතු සමග උණ බැලීමේ උපකරණ, අත් සෝදන ස්ථාන සකස් කිරීම ආදිය සදහා දෙමාපියන්ට බරක් නොදී ඒවා පාසල්වලට ලබා ගැනීමට රජය රුපියල් මිලියන 405 ලබාදුන් බවද ඇමැතිවරයා පැවසීය. අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබුණු මුඛ ආවරණ ලක්ෂයකට වැඩි ප‍්‍රමාණයක් දුෂ්කර පාසල්වලට ලබාදීමට කටයුතු කරන බවත් පරිත්‍යාගශීලී පිරිස් සිටී නම් සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය පාසල්වලට ලබාදෙන ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් නැවත ආරම්භ කිරීම දේශපාලන තීරණ මත නොව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වසංගත රෝග අංශය, ආරක්ෂක අංශය ඇතුළු වගකිවයුතු අංශවල එකඟතාව මත සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.

පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ උපකාරක පංති සම්බන්ධයෙන් ද පාසල්වලට ලබාදී තිබෙන උපදෙස්වලට සමාන උපදෙස් මාලාවක් සකස් කර ඇති බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී කතා කළ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා මෙසේ් පැවසීය.

මෙවර උසස් පෙළ සදහා සිසුන් 3,66,789ක්ද, ශිෂ්‍යත්ව විභාගය සදහා සිසුන් 3.34,381ක්ද පෙනී සිටිනවා. උසස් පෙළ විභාගයේදී ගිණුම්කරණය, ජෛව පද්ධති තාක්ෂණය සහ ඉංජිනේරු තාක්ෂණය යන විෂයයන් සදහා ගණක යන්ත‍්‍රය භාවිත කිරීමට අවස්ථාව ලබාදෙනවා. ඉදිරියේදී තවත් විෂයන් කිහිපයකටත් මෙම අවස්ථාව ලබාදීමට අදහස් කර තිබෙනවා.

උසස් පෙළ අවසන් වීමෙන් ඇගයීම් කරන ගුරුභවතුන් සඳහා විශේෂ දීමනාවක් මෙවර ගෙවීමට කටයුතු කරනවා. ඒ වගේම මෙයට පෙර උසස් පෙළ සිංහල සහ දෙමළ විෂයන් ඇගයීම් සිදුකර පසුව ඉංග‍්‍රීසි ඇගයීම් සිදුකරනු ලැබුවත් මෙවර මාධ්‍ය තුනම එකවර ඇගයීම් සිදුකිරීමට කටයුතු කරනවා. ඉංග‍්‍රීසි විෂය ඇගයීම් කිරීම සඳහා පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල සිටින සුදුසුකම් ඇති ගුරු භවතුන් තෝරා ගැනීමට කටයුතු කරනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත‍්‍රානන්ද, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් චිත‍්‍රසේන යන මහත්වරුද සහභාගි වූහ.

චමින්ද සිල්වා
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.