Jun
04
2000 දශකයේ විස්ඩන් එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් මුරලි පමණයි
පසුගිය දින කිහිපය තුළ විස්ඩන් වෙබ් අඩවිය මඟින් 2000 දශකයේ ලෝක ටෙස්ට් කණ්ඩායම නම් කර තිබූ අතර ඔවුන් විසින් 2000 දශකයේ ලෝක එක් දින කණ්ඩායම ද මේ වන විට නම් කර ඇත.
ඒ අනුව මෙයට පෙර නම් කර තිබූ 2000 දශකයේ ටෙස්ට් කණ්ඩායමටද එක්ව සිටි ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්ට එක්දින කණ්ඩායමේද ස්ථානයක් වෙන්වී තිබීම කැපීපෙනුණි.
මතවාද රාශියකින් පසුව නිරාකරණය කළ 2000 දශකයේ ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත්කර තිබූ අතර, 2000 ජනවාරි 01 වැනි දා සිට 2009 දෙසැම්බර් 31 දක්වා සංඛ්‍යාලේඛන මේ සදහා සලකා බලා තිබේ.
කෙසේ වෙතත් මෙම කණ්ඩායමට එක්ව සිටින එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්ව සිටන මුරලි එම වකවානුව තුළ තරග 205කට සහභාගී වී සිටින අතර, එහිදී දවාගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 355කි.
මේ අතර මෙම එක්දින කණ්ඩායම නම් කිරීමට එක්ව සිටි එම වෙබ් අඩවියේ කළමනාකාර කර්තෘ බෙන් ගාඩ්නර් පවසා ඇත්තේ මුරලි හා සමකළ හැකි කිසිදු ක්‍රීඩකයෙක් නොමැති බවත්, මෙම රාමුව තුළ ඔහුට අභියෝග කළ හැකි ක්‍රීඩකයන් නොමැති බවත්ය.
විස්ඩන් ලෝක එක්දින කණ්ඩායම - සචින් ටෙන්ඩුල්කාර්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, රිකී පොන්ටින් (නායක), කෙවින් පීටර්සන්, ඇන්ඩෘෘ සයිමන්ස්, මහේන්ද්‍ර සිං දෝනි, ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ෂෝන් පොලොක්, බේරට් ලී, ග්ලේන් මැග්‍රාත්, මුත්තයියා මුරලිදරන්.
Source - Mawbima