Jun 05

හලාවත රෝහල මගින් පිළිකා රෝගීන්ට නිවසේ සිටියදීම ප‍්‍රතිකාර


පවතින කොරෝනා වසංගතය හේතුවෙන් හලාවත මහ රෝහලේ පිළිකා ඒකකය අන්තර්ජාලය මගින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් නිවසේ සිටියදීම පරීක්ෂාවට ලක්කර ප‍්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ වැඩසටහනක් පෙරේදා (03දා) ආරම්භ කෙරිණි.

හලාවත මහ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ කපිල මල්ලවආරච්චි මහතාගේ අදහසකට අනුව ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන දිවයිනේ රෝහල් තුළ පවතින පිළිකා ඒකකයක් මගින් සිදු කරන ප‍්‍රථම වැඩසටහන බව රෝහල් අධ්‍යක්ෂ කපිල මල්ලවආරච්චි මහතා පවසයි.

 හලාවත මහ රෝහලේ පිළිකා ප‍්‍රතිකාර සායනයට දෛනිකව රෝගීන් හතළිහත් පනහත් අතර සංඛ්‍යාවක් සහභාගිව වන බවත් මෙම වීඩියෝ ප‍්‍රතිකාර කර්මය මගින් එම සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

 පුත්තලම දිස්ත‍්‍රික්කයේ හලාවත මහ රෝහලේ පමණක් පිළිිකා ප‍්‍රතිකාර ලබාදීමේ ඒකකයක් පිහිටා තිබේ.

 මන්නාරමේ සිට කොච්චිකඬේ දක්වා සායනවලට පැමිණෙන සියලූම රෝගීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන ඔවුන්ට පවතින ගැටලූ සම්බන්ධව සොයා බැලීම් සිදු කර අවශ්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර ලබාදීමට සැලසුම් කර තිබේ.

 මන්නාරම, කල්පිටිය, පුත්තලම වැනි දුරස්ථ ප‍්‍රදේශවල සිට සායනයට පැමිණෙන රෝගීන් නිවසේ සිටම ප‍්‍රතිකාර

 ලබාගැනීමට හැකිවීම ගැන රෝගීන් සිය ප‍්‍රසාදය පළ කළහ.

 ඉදිරියේදී සෙසු සායනවල ද මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

 විශේෂඥ වෛi නූර්ද් ජෝශප් මහතා ඇතුළු පිළිකා ප‍්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු සහ හෙද නිලධාරිනියෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමරනන්ද විජේසේකර - මහවැව
Source - දිවයින
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.