Jun 14

අමෙරිකානු පොලීස් වෙඩි ප්‍රහාරයෙන් තවත් කළු ජාතිකයෙකු මිය යයි (වීඩියෝ)


කළු ජාතික ජොර්ජ් ෆ්ලොයිඞ් ඝාතන උණුසුම මැකී යාමටත් පෙර අමෙරිකානු පොලිස් නිලධාරියෙකු අතින් තවත් කළු ජාතිකයෙකු මියගිය පුවතක් ඇට්ලන්ටා ප‍්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ඊයේ (13) දින මෙම මරණය සිදුව ඇති අතර මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි කළු ජාතිකයෙකු පරීක්‍ෂා කිරීමට ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇති වූ බහින්බස්වීමකින් පසු මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ.

වෙඩි ප‍්‍රහාරයට ලක් වූ පුද්ගලයා පොලිස් නිලධාරියෙකු සමග පොරබැද ඔහු සතු ගිනි අවියද පැහැර ගෙන යාමටෙ තැත් කළ අවස්ථාවේදී මෙම වෙඩිතබීම සිදුව ඇති බව අනාවරණය වී ඇති අතර  මෙම සිද්ධිය වාර්තා වී පැය 24 ක් ගතවීමටත් පෙර ඇට්ලන්ටා පොලිස් ප‍්‍රධානිවරිය ලෙස කටයුතු කළ එරිකා ෂීල්ඞ්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කර තිබෙනවා.

එසේම පොලීසියේ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය 27 හැවිරිදි මෙම කළු ජාතිකයා වෙනුවෙන්ද මේ වනවිටත් විරෝධතා ආරම්භ කර ඇති අතර එම විරෝධතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Source -නෙත් Gossip

අමෙරිකානු පොලීසිය තවත් කළු ජාතිකයෙකුගේ ජීවිතයක් උදුරා ගනී
අමෙරිකානු පොලීසිය තවත් කළු ජාතිකයෙකුගේ ජීවිතයක් උදුරා ගනී
Posted by Neth FM on Saturday, June 13, 2020

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.