Jun
14
සජිත් සමඟ එක්වූ තවත් 10 ක් පක්ෂය හැරයන ළකුණු !
එළඹෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදී ඇති ප්‍රබලයන් දහයකට වැඩි පිරිසක් ඉදිරියේදී එම කණ්ඩායම්වලින් ඉවත් වීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා. එසේම ඔවුන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.
මැතිවරණ ජයග්‍රහණය ගැන පවතින අවිනිශ්චිත තත්ත්වය මත මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමෙන් පළක් නොවන තත්ත්වයක් නිසා ඉන් වැඩි පිරිසක් මෙසේ ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වන අතර තවත් පිරිසක් නායකත්වය පිළිබඳ කලකිරී එම තීරණය ගැනීමට නියමිත බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර පසුගියදා අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා දීමෙන් පසු ජාතික සමගි බලවේගයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංගල සමරවීර හා ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කළ බෙනට් ප්‍රනාන්දු හා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක යන අයද මැතිවරණ තරගයෙන් ඉවත් වුනා.
Source - නෙත් Gossip