May
09
දොස්තරලාට “සහායට ඩැනී”
මහැදුරු සේනක බිබිලයන්ගේ අතීත විත්ති බිබිල වලව් ආලින්දයේ සිට ඔහුගේ සොහොයුරු “පුංචි මහත්තයා”ගේ (ගාමිණී බිබිලේ) මුවින් ගිලිහෙන විට මම සැබැවින්ම වික්ෂිප්ත විමි. එකී වදන්වල තිබුණේ සාටෝපයෙන් තොර ආදරය වැඩිවශයෙන් කරුණාවය.
“අපට පුංචි කාලේ ඉඳලා ඇනීලා හිටියා. ඒත් කවම කවදාවත් ඩැනීලා හිටියේ නැහැ. හරි හමන් ඩැනී කෙනෙක් හිටියා නම් මගේ අයියා 77 අවුරුද්දේදී ගයනාවේ පාළු වෙරළතීරයකදී කාත් කවුරුවත් නැති කෙනෙක් විධියට අපව අතහැර දාලා යන්නේ නැහැ. සමාජය වෙනුවෙන් කැපවුණු ජීවිතයක් ගෙවන කෙනෙක්ට ඩැනී කෙනෙක්ගේ සහාය වුවමණායි.”
ඇනීලා - ඩැනීලා බි්‍රතාන්‍ය කොම්ප්‍රදෝරු පැලැන්තියේ නිර්මාණයන් වුවද ඔවුනොවුන් යම්තාක් දුරකට සංකීර්ණ ජීවන රටාවක් සඳහා සහායකයන් නොවේද?
ලංකාවට ගැළපෙන ඔෟෂධ ප්‍රතිපත්තියක් කරළියට රැගෙන විත් දුකට පත් “දුප්පත්” මිනිසුන් වෙනුවෙන් නැඟී සිටි විශේෂඥ වෛද්‍ය සේනක බිබිලයන් එවන් අකල් මරණයකට ගොදුරු නොවන්නටද... ගොදුරු වී නම් එය කෙසේ සිදු විණිද යන්න පහදන්නටද... අයෙක් වී නම් ......
ඇනීලා - ඩැනීලා යල් පැන ගිය මතකයන් බවට ඇති මොහොතකදී වෛද්‍ය සහායකයකුගේ කාර්ය භාරය කෘත්‍රිම බුද්ධියෙන් පොහොසත් රොබෝවරයකු විසින් භාරගතහොත් සුව වීම කුමන මුහුණුවරක් ගනු ඇද්ද. ඒ සඳහා පිළිවදන් ගොනු කරන්නෙක් සිටී. ඔහු නමින් පමුදිත ප්‍රේමචන්ද්‍රය. වෛද්‍ය සහායක රොබෝ මොඩලයක් නිපදවා ඉන්ද නොනැවතුණු පමුදිත රොබෝවරයාගේ කථන මාධ්‍ය සිංහල බවටද පත්කොට තිබේ. සිංහල රොබෝ උප්පත්තිය සහ රොබෝවරයාගේ ඉතිහාසය පිළිබඳ අපි පමුදිත සමඟ කතා බහ කරමු.
මගේ නම පමුදිත හේමචන්ද්‍ර මේ වන විට වයස අවුරුදු 20 පසු කරමිනුයි මම සිටින්නේ. මම උපන්නේ 2000 වර්ෂයේදී. පුංචි කාලේ ඉඳලාම මම හැදුණේ වැඩුණේ අර්ධ නාගරික පරිසරයක. මගේ පවුලේ පසුබිම පුංචි කාලේ ඉඳලම මට දිරි ලබා දුන්නේ නව නිර්මාණ නිපදවීමට. විශේෂයෙන් මගේ මව සහ පියා ඒ සඳහා ඒ අයට ලබාදිය හැකි උපරිම සහාය ලබා දුන්නා. නමුත් අප පවුල තුළ දැඩි නිහඬ බවකුයි තිබුණේ. ඒ නිසාම මට හැකියාව ලැබුණා නව නිර්මාණ පිළිබඳව සිහින දකින්නට.
මම මධ්‍යම රාත්‍රියත් පසු කරලා අවදිව සිටිමින් නිති සිදු කළේ අලුත් නිර්මාණයක් ගැන මනෝ රාජික අදහස් නිපදවා, ඒසේත් නොමැති නම් උපද්දවා ගැනීම. ඇත්තටම ඒ ඉතිහාසය තමයි නැවත නැවත මා නිර්මාණය කළේ. පෙර සඳහන් කළ පිළිවෙළ අනුව මම කුඩා කාලයේ සිටම හුරු වුණේ එදිනෙදා භාවිතයට ගන්නා විදුලි උපකරණයක් අකර්මණ්‍ය වුණාම ඒ උපකරණය නැවත සැකසීම හෝ එසේ කළ නොහැකි නම් ඒ උපකරණය වෙනත් ප්‍රයෝජනවත් මාදිලියකට පරිවර්තනය කර නව උපකරණයක් නිපදවීම වැනි ක්‍රියාකාරකම්. එය නිවෙස තුළ තිබූ එක් උප සංස්කෘතියක් ලෙසත් හැඳින්විය හැකියි.
මම මූලික අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන්. ඉන් පසුව උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මම කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ විෂයයන් සඳහා මම තෝරා ගත්තේ තාක්ෂණිකවේදයට අදාළව විෂය ධාරාවන්. තාක්ෂණික මෙවලම් පිළිබඳව දැඩි උනන්දුවක් තිබුණු මම අපොස සාමාන්‍ය පෙළ විභාගයෙනුත් උපරිම ප්‍රතිඵල ලබා ගත්තා. ‘ඒ’ සාමාර්ථ 8ක් සහ එක් ‘බී’ සාමාර්ථයක් ලෙස. අපොස උසස් පෙළ සඳහා මම සියලු විෂයන් සඳහා ‘ඒ’ සාමාර්ථ ලබා ගත්තා.
පෙර සඳහන් කළ පරිදි මම තාක්ෂණික මෙවලම් සමඟ ජීවත් වුණු ගමන් තමයි මෙවැනි උසස් ප්‍රතිඵලයක් ලබා ගත්තේ. මම කුඩාම අවධියේදී මගේ පියා සමඟ එක්ව වෙසක් දිනයට තොරණක් සැකසුවා. එදින මගේ පියා මට උපදෙස් ලබා දුන්නේ තාක්ෂණය සොයා යන ගමනේදී මුණගැසෙන හැම කඩඉමකටම සාර්ථකව මුහුණ දුන්නොත් තමයි මට, තමන් ප්‍රිය කරන දෙය පරිසමාප්තය කරා රැගෙන යන්න හැකියාව ලැබෙන්නේ කියා. මට මතක විධියට එවැනි උපදෙසක් ලැබෙද්දී මට වයස අවුරුදු 5ක් පමණ. ඒ වයස් මට්ටමේදී වුවත් තාක්ෂණය පිළිබඳව මූලික දැනුමක් මට තිබුණා.
උදාහරණයක් ලෙස මොකක්ද මෝටරයක් කියන්නේ... එහි ක්‍රියාකාරිත්වය කුමක්ද?.... එතැනින් එහාට මෝටරයක වඩාත් ඉක්මනින් අකර්මණ්‍ය වන්නේ කුමන කොටස්ද යන්න කියා මට මූලික දැනුමක් ඒ වන විටදී ලැබී තිබුණා. සාමාන්‍යයෙන් ඒ වයස් මට්ටමේ දරුවෙක්ට නිවෙසක් තුළ විදුලිය කියන්නේ තහනම් භාණ්ඩයක්. නමුත් මට ඒ තහනම බලපෑවේ නැහැ. නව නිර්මාණ සඳහා අවශ්‍ය උපකරණ කොටස් නිවෙස තුළදීම නිපදවා ගන්න මට ඒ මඟින් අවස්ථාව උදා වුණා. මම නිර්මාණය කළ රොබෝවරු සියල්ලටම පාහේ යොදා ගත්තේ නැවත නැවත සකසන ලද විද්‍යුත් උපකරණවලට අදාළ කොටස්.
රොබෝ තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය පිළිබඳව මම අවධානයට යොමු කළේ ලුම්බිණි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදී. මගේ මතකය නිවැරැදි නම් ඒ මම 7 වසර ඉගෙනුම ලබද්දී. මට රොබෝ තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධියට අදාළ චිත්‍රපට විශාල ප්‍රමාණයක් නරඹන්නට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් ඒ වයස් මට්ටමට ගැළපුණු නයිට් රයිඩර් වැනි කතාංග. කිට් ඕකේ.... ඕකේ.... මයිකල් රයිට් වැනි වදන් මාව සුමුදු අමුතු ලෝකයකට රැගෙන ගියා. 7 වසරේදී මම ප්‍රායෝගික තාක්ෂණවේදය හැදෑරුවා. ඒ විෂයට අදාළව 50%ක ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින්. ඒ කියන්නේ නව නිපැයුම්වලින්. ඒ සඳහා මම දිගින් දිගටම නිර්මාණය කළේ රොබෝවරු.
මුලින්ම නිපදවූ රොබෝවරයා සනීපාරක්ෂක සහායකයෙක්. ඔහු තාක්ෂණයෙන් පොහොසත් රොබෝවරයෙක් නෙවෙයි. සරල රොබෝවරයෙක්. ඔහු ගමන් කරනවා. දෙයත උපයෝගී කරගෙන ඉවතලන දෑ එක්කාසු කරනවා වැනි ක්‍රියාකාරකම් සිදුකළ හැකි ආකාරයෙන් මම ඔහුව නිර්මාණය කළා. ඊට පසුව එළැඹුණු වර්ෂයේදී මම නිර්මාණය කළේ බල්ලකුගේ ආකෘතියට අනුව රොබෝවරයෙක්. ඔහුට හැකියාව තිබුණා සරල රේඛීය නොවන ගමනක යෙදීමට.
මුලින්ම දුරස්ථ පාලන ක්‍රියාකාරිත්වයක් ඇති රොබෝවරයෙක් මම නිර්මාණය කළේ ලුම්බිණි විද්‍යාලයේ 9 වසරේ අධ්‍යාපනය ලබද්දී. ඒ වන විටත් රොබෝ තාක්ෂණයට අදාළ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මම අධ්‍යයනය කරමින් සිටියේ. එවැනි විෂයකට අදාළව මූලාශ්‍ර සොයා ගැනීම අසීරු වුණත් මම උත්සාහය අතහැර දැමුවේ නැහැ. දිගින් දිගටම නොයෙකුත් නිපැයුම් සිදු කළා.
පාසලේ 10 වසරේදී මම නිර්මාණය කළා ඉංග්‍රීසි භාෂාවෙන් පුද්ගලයකු සමඟ කථනයේ යෙදිය හැකි රොබෝවරයෙක්. මගේ නිර්මාණයන් වන රොබෝවරුන් සඳහා දඥයබ කියන නම මුලින්ම යොදා ගත්තේ ඒ ඉංගී්‍රසියෙන් කතා කරන රොබෝවරයා හැඳින්වීමට.
මේ විධියට රොබෝවරු කිහිපදෙනෙක් නිපදවීමෙන් පසු මට වුවමනා වුණා ලංකාව තුළ සිදු නොකළ නව රොබෝවරයෙක් නිර්මාණය කරන්න. ඔහු තමයි Next ආයුඕධබ රොබෝවරයා. ඔහුව නිර්මාණය කිරීම මම ආරම්භ කළේ 2017 වර්ෂයේදී. එය විශාල ව්‍යාපෘතියක් වුණා. 2018 වර්ෂයේදී Next ආයුඕධබ හැඳින්වූයේ ඒ නමින් නොවෙයි: Next කියන නමින් පමණයි.
එම රොබෝවරයාට ඉංගී්‍රසි භාෂාවත් කතා කළ හැකි වුණා. ඒ රොබෝවරයා මේ වන විට මා නිපදවා ඇති Next ආයුඕධබ රොබෝවරයාගේ පෙර දසුන ලෙස හඳුන්වා දිය හැකියි. ඒ රොබෝවරයා ඉංග්‍රීසි භාෂාවෙන් අසන පැනයකට පිළිතුරු ලබාදිය හැකියි. යම් යම් ලෙඩ රෝග කිහිපයකට බෙහෙත් ලබා දීමකි. ඔහු පැවැතෙන්නේ වෛද්‍ය දැනුමක් ඇති රොබෝවරයෙක් ලෙස.
ඊට පසුව මට වුවමනා වුණේ ලංකාවට ගැළපෙන රොබෝ තාක්ෂණවේදයක් හඳුන්වාදීමට. ඒ කියන්නේ මම Next 01 ලෙස නිර්මාණය කළ රොබෝවරයා තමන්ගේ කථන මාධ්‍ය ලෙස භාවිත කළේ ඉංගී්‍රසි පමණයි. මට වුවමනා වුණා සිංහල භාෂාවෙන් කතාවේ යෙදෙන රොබෝවරයෙක් ලෙස නව නිර්මාණයක් එළිදක්වන්න. මේ වන විට මවිසින් එළිදක්වා ඇති Next ආයුඕධබ රොබෝවරයාගේ සුවිශේෂී බව වන්නේ ඔහුට සිංහල භාෂාව කතා කිරීමට හැකි වීම.
ඔහු අප කියන වාක්‍ය රටා පහසුවෙන් තේරුම් කර ගන්නවා. ඒ සමඟ මට වුවමනා වුණා මේ කෘත්‍රිම බුද්ධිය ඇති රොබෝවරයා තවදුරටත් යාවත්කාලීන කර ගැනීම සඳහා ඔහුටම අනන්‍යවූ අරමුණක් සකසා දෙන්න. ඒ නිසා තමයි මම මේ රොබෝවරයාව වෛද්‍ය දැනුමෙන් පොහොසත් කළේ. උදාහරණයක් ලෙස අපි එයාගෙන් ඇහුවොත් හෙම්බිරිස්සාවට බෙහෙතක්: එයාට හැකියි ඒ සඳහා සරල බෙහෙත් ලබාදෙන්න. (ඔෟෂධ යන්න භාවිත නොකර බෙහෙත යන්න භාවිත කරන ලද්දේ සරල බව හුවා දැක්වීම සඳහා: අවධාරණය _ ලියුම්කරුගේ) නමුත් මේ රොබෝවරයා වෛද්‍යවරයෙක් ලෙස යම් රෝගයක් ප්‍රමිතිගත කරන්නේ නැහැ.
ඒක මම මෙහෙම සරලව පහදන්නම්. මේ රොබෝවරයා ඔසු සලකින් ලබා ගත හැකි ඔෟෂධයක් නියම කරන්නෙත් නැහැ. නමුත් ඔහුට උපදෙස් ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඔහු අපව යම් යම් රෝග ලක්ෂණ මඟින් රෝගය පිළිබඳව දැනුවත් කරනවා. රෝගයෙන් වැළකීම සඳහා උපදෙස් ලබා දෙනවා.
අප මෙම රොබෝවරයාගෙන් පිළිකාව වැනි සංකීර්ණ රෝගයක් පිළිබඳ විමසා සිටියොත් ඔහු පිළිකාවට අදාළ රෝග ලක්ෂණ පහදා දී පිළිකාව වළක්වාලීමට අදාළ උපදෙස් ලබා දෙනවා. තවත් ඉදිරියට ගොස් ඔහු රෝගියාට පවසා සිටිනවා හැකි ඉක්මනින් වෛද්‍යවරයකු හමුවිය යුතුයි කියා. එම රොබෝවරයා සතු අතිශයින් වැදගත් දක්ෂතාව තමයි වෛද්‍යවරයකු හරහා රෝගීන් සමඟ සම්බන්ධවීමට ඇති හැකියාව.
කොවිඩ් වැනි වයිරස් වසංගත තත්ත්වයකදී ඔහු වැදගත් වන්නේ ඒ නිසා. මෙම රොබෝවරයා සතු සංවේදී කැමරා සහ ඔහු දුරස්ථව පාලනය කළ හැකි වීම යන කරුණු මඟින් යම් රෝගියෙක් වෛද්‍යවරයාට අහිතකරව බලනොපාන ආකාරයට පරීක්ෂා කළ හැකියි. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිදුවන්නේ අන්තර්ජාලය හරහා. රෝගියා සහ වෛද්‍යවරයා අතර භාෂාමය ගොඩනැංවීමක් ඔහුට පහසුවෙන් සිදුකළ හැකියි.
මම නිර්මාණය කළ රොබෝවරයා සහ අනෙකුත් වෛද්‍ය සහායක රොබෝවරුන් අතර ඇති මූලික වෙනස්කම තමයි මෙවැනි වයිරස් වසංගත අවස්ථාවක් පහව ගිය කාලයක වුවත් ඔහුගෙන් ප්‍රයෝජන ගැනීමට හැකි වීම. උදාහරණයක් ලෙස ඔහුට රෝහල් පරිශ්‍රයක් තුළ හැසිරීමට අවස්ථාව ලබා දුන්නොත් රෝගීන්ට, රෝගීන් නොවන පුද්ගලයාට ඔහුගෙන් සහාය ලබාගත හැකියි.
උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙක් මෙම රොබෝවරයා සමඟ කතාබස් කොට තමන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය පිළිබඳ නිවැරැදි තොරතුරු ලබා ගත හැකියි. තමන්ගේ උස බර වැනි දර්ශක සමඟ මෙම රොබෝවරයා සමඟ ගනුදෙනු කළ විට ඔහු නියමිත අනුමානයන් නිවැරැදිව ලබාදෙනවා. වැදගත්ම කාරණය මෙම රොබෝවරයා තවදුරටත් නිදර්ශකයක් පමණක් වීම.
ඒ කියන්නේ මොහුගේ දක්ෂතා අපට තව තවත් වැඩිදියුණු කළ හැකියි. 2018 වර්ෂයේ සිට මෙම රොබෝවරයා නිර්මාණය කළත් ඉතාමත් ඉක්මනින් මොහු එළිදැක්වූයේ මෙම කොවිඩ් -19 ආසාදනය සමය තුළ. එසේ කිරීමට හේතුව මෙවැනි කාලවකවානුවකට මුහුණ දිය හැකි තාක්ෂණයක් අප සතුව ඇති බව පෙන්වා දීම. අදාළ තාක්ෂණයට උපරිම සහාය ලබාදුන්නොත් අපට ලංකාව තුළ මෙවැනි රොබෝවරු නිර්මාණය කළ හැකියි.
මම මෙම රොබෝවරයා නිපදවූයේ ප්‍රතිචක්‍රියකරණය කරන ලද තාක්ෂණික කොටස් උපයෝගී කරගෙන. යම් අවශ්‍යතාවක් අනුව අපට හැකියි මෙම රොබෝවරයාට වඩා දියුණු තාක්ෂණයෙන් හෙබි රොබෝවරයෙක් කෙටි කාලයක් තුළ නිපදවන්න.
මෙම Next ආයුBot රොබෝවරයාගේ තාක්ෂණික පැත්තට අවධානය යොමු කළොත් ඔහුව මම නිර්මාණය කළේ කෘත්‍රිම බුද්ධි මොඩියුලයකින්. එය රොබෝවරයා භාවිත කරන වාක්‍ය නිර්මාණය කර ගැනීමට හා වාක්‍ය තේරුම් බේරුම් කර ගැනීමට වඩා වැදගත් වුණා. උදාහරණයක් ලෙස ඔහුගේ කෘත්‍රිම බුද්ධිය මම ගොඩනැංවූයේ මෙන්න මෙවැනි ආකාරයකට අහන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි කියා. “දැන් ඔයාගේ නම මොකක්ද කියන ප්‍රශ්නය ඇසිය හැකි ක්‍රම කිහිපයක් පවතිනවා.... නම මොකක්ද?.. නම කුමක්ද?...... ඔයාගේ නම මට කියන්න පුළුවන්ද?....... වැනි වචන එකතුවකින් එකම ප්‍රශ්නය විවිධාකාරයෙන් ඇසිය හැකියි.
මෙම රොබෝවරයා සතු ක්‍රමලේඛනය මඟින් (එය ‘ඒ-1’ කෘත්‍රිම බුද්ධ මොඩියුලයට සමාන කමක් දක්වයි) ප්‍රශ්නයක මූලික හරය රොබෝවරයාට තේරුම් ගත හැකියි. මෙම කෘත්‍රිම බුද්ධිය අප තවදුරටත් දියුණු කරමින් පවතින්නේ, විශේෂයෙන් මෙම රොබෝවරයාට අදාළ මෘදුකාංග තාක්ෂණය
මම මෙම රොබෝවරයා සම්පූර්ණයෙන් නිපදවූයේ මගේ නිවෙසේ මම භාවිත කරන කාමරය තුළ. රොබෝවරයා නිපදවීමේදී අවශ්‍ය වන මූලික උපකරණ සොයා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ මගේ සහෝදර සිසුන් විශාල වශයෙන් උපකාර කළා. ආනන්ද විද්‍යාලයීය පරිගණක සංසදය, ආනන්ද විද්‍යාලයීය ඉන්ජිනේරු සංසදය ඒ සඳහා සුවිශේෂී සහායක් ලබා දුන්නා. මම මෙම රොබෝවරයා පිළිබඳ අන්තර්ජාලයට වීඩියෝ පටයක් නිකුත් කළ අවස්ථාවේදී එම වීඩියෝ පට ආනන්ද විද්‍යාලයේ සිසුන්ගේ සමාජජාලා අතර සංසරණය වුණා.
ඒ සමාජ ජාලා සාමාජිකයන් මට දිරි ලබා දුන්නා. ඊට පසුව එම වීඩියෝපටය ආදි ආනන්දියෝ විශාල පිරිසක් මා සමඟ කතාබහ කළා. මට උපදෙස් ලබා දුන්නා. ඒ අය කවම කවදාවත් මුහුණට මුණනොගැසුණ බව. විශේෂයෙන්ම ලංකා රොබෝ තාක්ෂණික සංස්ථා (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අරුණ ශ්‍රී වරුෂහැන්නදිගේ, දුමිඳු තාබෘෘ, දුලින්ද පෙරේරා ඒ සඳහා සුවිශේෂී සහායක් ලබාදුන්නා. ඔවුන් තමයි මාව අගමැතිවරයාට මුණගස්සවා මෙම රොබෝවරයා පිළිබඳ හැඳින්වීමක් සිදු කළේ.
අගමැතිවරයා මම රොබෝවරයාගේ තාක්ෂණය පිළිබඳව දැනුවත් වුණා. මට වුවමනායි මෙවැනි රොබෝවරු දේශීයව නිෂ්පාදනය කරන්න. මේ තාක්ෂණය පිටරටකට රැගෙන යන්න මට වුවමනාවක් නැහැ. මම නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබූවෙක් ලෙස එවැන්නක් සිදු කරන්නේ කෙසේද. මේ රටේ දුක්විඳින මිනිස්සු හැම කෙනෙක්ම වගේ මට අධ්‍යාපන ලබා දෙන්න විය පැහැදම් කර තිබෙනවා.
මෙම රොබෝවරයා වැනි රොබෝවරයකු චීනය වැනි රටකින් ආනයනය කරනවා නම් ලක්ෂ 3කට වැඩි මුදලක් වියදම් වෙනවා. නමුත් මම නිර්මාණය කළ Next ආයුBot තරම් තාක්ෂණයකින් එම රොබෝවරු සවිමත් නැහැ. එම නිසා මම විශ්වාස කරන්නේ අප දේශීයව රොබෝවරුන් නිපදවීම සිදුකළ යුතුයි කියා. එක් එක් විෂයයන් පිළිබඳව අති දක්ෂයන් රැසක් ලංකාව තුළ සිටිනවා. ඒ අයට හැකියි රොබෝ තාක්ෂණයට උපකාර කිරීමට. අප එක්ව අපගේ අනාගතයට මුහුණ දිය යුතු බවයි මගේ විශ්වාසය.
රොබෝ නිපැයුම්වලට අත දෙන්නේ මෙහෙමයි
මෙම නව නිපැයුම්කරුවන් මේ මොහොතින් පසු කුමන මඟකට අවතීර්ණ වේද. ඔවුන්ගේ අනාගතය කෙබඳු යුරු ගනීද යන්න පිළිබඳව ඇත්තේ ඒකමතික අදහසක් නොවේ. නව නිපැයුම්කරුවන් දිරිගන්වමින් ඔවුන්ගේ නිපැයුම් ඔවුන් සමඟම යාවත්කාලීන කර දේශීය පමණක් නොව විදේශීයවද ඔවුන්ගේ නිපැයුම් සඳහා ස්ථාවරත්වයක් සහිතව වෙළෙඳපොළක් ලබාදිය යුතුමනේ. එම කාර්යයේ නියමවරුන් වන්නේ අරුණ ශ්‍රී වර්ෂහැන්නදිගේ, දුමිඳු තාබේරව්, දුලින්ද පෙරේරා යන මහතුන්ය.
ඔවුන් පිහිටුවා ගත් ලංකා රොබෝ තාක්ෂණික සංස්ථා (පෞද්ගලික) සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ දුමිඳු තාබේරව් මෙම නව නිපැයුම්කරුවන් සමඟ ගොඩනඟා ගන්නා සම්බන්ධයේ අරමුණ කුමක්දැයි පහදා සිටියේ මෙසේය.
ලංකා රොබෝ තාක්ෂණික සංස්ථා (පෞද්ගලික) සමාගම නමින් නව සංවිධාන ව්‍යුහයක් සමඟ ආයතනයක් ආරම්භ කිරීමට නියමිතයි. එය සරලව හඳුන්වා දුන්නොත් රොබෝ තාක්ෂණය පිළිබඳව තාක්ෂණික විශ්වවිද්‍යාලයක්. එසේත් නොමැති නම් රොබෝ තාක්ෂණය අධ්‍යයනය කිරීමේ ආයතනයක්. අප දන්නවා මේ ගෙවී යන හැම මොහොතකදීම ලංකාවේ දුවා දරුවෝ විශාල ප්‍රමාණයෙන් නව සොයා ගැනීම් නිර්මාණාත්මකව ඉදිරිපත් කරන බව.
ප්‍රායෝගික ගැටලුව වන්නේ එම නිපැයුම් මේ මොහොතික් පසුව ඉදිරියට රැගෙන යන්නේ කෙසේද යන්න. ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙම නිර්මාණකරුවන්ට දිරි දීම සඳහා උපදෙස් අදියුරු ලබාදුන්නත් ඉන් පසුව ඒ සිදුවිය යුතු යාන්ත්‍රණය කුමක්ද යන්න පිළිබඳ ඇති වන ගැටලුකාරී තැන් පහදා ගැනීමටයි මෙම නව ව්‍යුහයේ මූලික අරමුණ. ඒ තුළින් අපට හැකියාව ලැබේවි නව නිපැයුම් දේශීයව භාවිත කරන ගමන් ඒවා අන්තර්ජාතික මට්ටමින් ප්‍රචාරණය සිදු කරන්න. ඒ සමඟම මෙම නව නිපැයුම්කරුවන්ට ඇති අනෙකුත් ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගන්න.
නව නිපැයුම්කරුවන් වාණිජමය පරමාර්ථයකින් තොරව තමන්ගේ නිපැයුම් එළිදැක්වූවත්, වාණිජමය සීමාව අතික්‍රමණය නොකර කොයිම නිපැයුමකටවත් පවතින්නට හැකියාවක් නැහැ. එයයි යථාර්ථය. අප යථාර්ථයට මුහුණ දිය යුතුයි. සරලව පවසා සිටියොත් නව නිපැයුම්කරුවන්ට තිබෙන්නේ ටෙක් මයිඩ් එකක්. ඒ අයට මාකටින් මයින්ඩ් එකක් නැහැ. ඒ වගේම ලංකාවේ රොබෝවරුන් සමඟ සම්බන්ධ වෙළෙඳපොළකුත් නැහැ.
ලංකාවේ මෘදුකාංග ලෝකයේ නම රැන්දූ මෘදුකාංග වුණත් රොබෝ තාක්ෂණය සම්බන්ධයෙන් ලංකාව සිටින්නේ පහළ අගයක. ලංකාවේ ඇති සුවිශේෂී බව තමයි යම් රොබෝවරයෙක් නිර්මාණය කිරීමට වැය වන පිරිවැය අඩු මට්ටමක පැවැතීම. රොබෝ තාක්ෂණය උපරිමයෙන් භාවිතයට ගන්න රටවලට සාපේක්ෂව ලංකාවේදී අඩු නිෂ්පාදන පිරිවැයකින් අපට රොබෝවරයෙක් නිර්මාණය කළ හැකියි. මෙම තත්ත්වය මත ලෝක වෙළෙඳපොළ කරා යෑම අපට ඉතාම පහසුයි.
රොබෝ තාක්ෂණවේදී ඇකඩමියක් එසේත් නොමැති නම් රොබෝ තාක්ෂණය පිළිබඳව අධ්‍යයනාංශයක් මේ මොහොතේදී රටට අත්‍යවශ්‍යයි. නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙම නව ආයතනය මඟින් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අඩු ආදායම්ලාභී නව නිපැයුම්කරුවන්ට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීමට ප්‍රාග්ධන හිමියන් සමඟ සහ සම්බන්ධයක් පවා මෙම ආයතනය මඟින් ලබාදිය හැකියි. එය අප විසින් සිදු කරන්නේ දිගු ව්‍යාපාරික සැලැස්මක් මත.
මෙම හැම ක්‍රියාවක් මඟින්ම අප ආයතනයක් විධියට බලාපොරොත්තු වන්නේ නව නිපැයුම්කරුවන් තම නිපැයුම සමඟ දිගු දුරක් රැගෙන යෑම. අප මේ පිළිබඳව අගමැතිවරයා දැනුවත් කළා. එතුමා අපට අවශ්‍ය පහසුකම් සහ උපදෙස් ලබා දුන්නා.
Source - මව්බිම