May
30
වෙසක් පෝදා රන් මැණිකේ මරා දැමූ අඹුසැමි යුවළ මාට්ටු...
සැකකරු තම බිරිඳ ඉදිරියේ මැරුණු කත දූෂණය කරලා... මිනීමරුවා හත්දවසේ බණටත් ගිහිල්ලා
වෙසක් සඳ රන් තැටියක් සේ අහසේ ගනඳුර පරදවමින් හාත්පසම එළිය කරමින් තිබිණ. අම්පාර දිස්ත‍්‍රික්කයේ උහන පොලිස් බල ප‍්‍රදේශයේ ලාතුගල ගම්මානයේ නිවෙසක් වෙත සඳඑළිය අතරින් අඹු සැමි යුවළක් ගමන් කරමින් සිටින්නට විය. එම නිවසේ සිටියේ වයස අවුරුදු 55 ක් වූ රන් මැණිකේ විජේසිංහ නමැති කාන්තාව පමණි. ඇය නිවස ආසන්නයේ කුඩා කඩයක් දමා ජීවත් වන්නට විය.
වේලාව රාත‍්‍රී 10 ට පමණ ඇත. එක්වරම අක්කේ... අක්කේ... කියා කතා කරද්දී රන් මැණිකේ කවුද කියා ඇසුවාය. ‘‘අක්කේ මම චතුරංග. පොඩි එකාට පැනඩොල් පෙත්තක් අරන් යන්න ආවේ... සනීප නැති වුණා’’ යනුවෙන් පැමිණි ඇය පවසා සිටින්නට විය.
තව කවුද ආවේ කියා ගෙහිමි කත අසත්ම ‘‘මමත් ඉන්නවා අක්කේ’’ යැයි චතුරංගගේ බිරිඳ පවසා සිටින්නට විය. මොහොතකින් නිවසේ දොර ඇරිණි.
‘‘මට පැනඩෝලූයි, බුලත් විටකුයි ආ... තව බීඩිත් දෙන්න’’ යනුවෙන් චතුරංග පවසා සිටින්නට විය. පැනඩෝල් සහ බීඩි දෙන්නට රන් මැණිකේ කාමරය තුළට යන්නට වූවාය. ඒ පසු පසින් චතුරංග සහ බිරිඳද කාමරයට යන්නට විය. මොහොතකින් චතුරංගගේ දෑත්වලින් රන් මැණිකේගේ ගෙල සිරවන්නට විය. ‘‘අනේ මල්ලියේ ඕන දෙයක් ගනින්... මාව මාරන්න එපා’’ යනුවෙන් ඇය කෑ ගසන්නට වූවාය. ඒ අහිංසක ආයාචනයට මෙල්ල නොවුණ යක්ෂාවේශ වූ චතුරංගගේ දෑත් දඬු අඬුවක් මෙන් රන්මැණිකේගේ ගෙල තදින් තද කරන්නට විය. පණ බේරා ගන්නට ද`ගලද්දී ඇය බිම වැටෙන්නට වූවාය. ඒ සමගම ඇය කෑ ගසන්නට වීම නිසා චතුරංගගේ බිරිඳ කොට්ටයක් ගෙන ඇගේ මුහුණට තබා තද කරන්නට වූවාය. ඒ මොහොතේ චතුරංග ඔහු පැළඳ සිටි සපත්තුවෙන් ඇයගේ ගෙළ පාගා සිර කරන්නට විය. ගතවූයේ මොහොතකි. ඇයගේ දැඟලිල්ල නැවතිණ. රන් මැණිකේ වේදනා බර මරණයකට ගොදුරු විය.
සැණෙකින් ඇගේ ගෙලේ තිබූ මාලය සහ ඇඟිල්ලේ තිබූ මුදුව චතුරංග විසින් ගළවා ගන්නට විය. ඇයගේ මුදල් පසුම්බියේ රුපියල් හත්සීයක් තිබිණ. එයද අරගත් අතර පුටුව උඩ බෑගයක තිබී තවත් රුපියල් තුන්දහස් තුන් සීයක් අරගන්නට විය. ඇයගේ ජංගම දුරකතන දෙකද චතුරංග ගත්හ. නිවසේ විදුලි බල්බ නිවා ජංගම දුරකතන එළියෙන් මේ සියලූ දේ සිදුවිය.
මොහොතක් ගත වෙද්දී චතුරංගගේ සිතට ආවේ තිරිසන් ආශාවකි. බිරිඳ අසල සිටිද්දීම ඔහු මියගිය රන් මැණිකේ දෂණය කර සිය පහත් ආශාව මළ සිරුරකින් සන්තර්පණය කරගන්නට විය. ‘‘තමුසෙ මොකද ඔය කරන්නේ... කියා බිරිඳ අසත්ම උඹ කටවහපන්’’ යැයි පවසා බිරිඳට බැණ වදින්නට විය. ඉන්පසු මේ අඹු සැමි යුවළ නිවසේ තිබූ හාල්, පොල්තෙල් සහ කිරිපිටි පොහොර කවරයක දමන්නට විය.
පසුව අල්මාරියේ රෙදි සියල්ලම පෙර තිබූ ආකාරයට නමා සකසා විදුලි ස්විචයක්ද ගළවා විදුලිය වැදී සිදුවූ මරණයක් ආකාරයට අඟවන්නට කටයුතු කර සොරාගත් බඩුද ගෙන නිවසින් පිටත් විය.
රන් මාලය සහ මුදුව පොලිතින් බෑග් කිහිපයක් තුළට දමා ගේ පිටිපස වළ දමන්නට විය. තම නිවසේ තිබූ දරුවාගේ කැටය කඩා සොරාගත් කැටයේ මුදල්ද ඒ කැටයට දමන්නට විය. මියගිය රන් මැණිකාගේ පුතා තම මවට දුරකතන ඇමතුම් ගත්තද ෆෝන් එක වැඩ නැහැ පොඞ්ඩක් ගිහින් බලනවාද යනුවෙන් මවගේ නිවස ආසන්නයේ සිටි මිතුරෙකුට පවසා සිටින්නට වූවේය. මිතුරා ගොස් නැන්දේ නැන්දේ කියා කතා කළද කිසිදු පිළිතුරක් නැත. පසුව මිතුරා අගුල් නොදමා තිබූ නිවස තුළට ගිය විට නිවසේ කාමරය තුළ මිතුරාගේ මව වැටී මියගොස් තිබෙන ආකාරය දැක බියවී රන් මෑණිකේගේ පුතාට ඒ බව දැනුම් දුන්හ. උහන පොලිසිියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එල්. ඞී. එන්. කරුණාරත්න මහතා ඇතුලූ නිලධාරීන් විසින් පොලිස් පරී්ක්ෂණ ආරම්භ කරන්නට විය.
අම්පාර අතිරේක මහෙස්ත‍්‍රාත් හංසදේව සමරදිවාකර මහතාද මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ කටයුතු සිදු කරන්නට විය. අම්පාර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ද පැමිණ මෙම මරණය විදුලිය වැදීමකින් සිදු නොවුණ මරණයක් බව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ කටයුතුවලට සහාය වන ලදී.
පසුව දේහය අධිකරණ වෛද්‍ය කටයුතු කිරීම සඳහා අම්පාර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දුල්ශි අප්පුහාමි මහතා වෙත යොමු කරන ලදී. ඒ අනුවද මෙය මිනීමැරුමක් බව තහවුරු වන ලදී.
චතුරංග මියගිය රන් මැණිකේගේ හත් දවසේ බණට ගොස් කෑම කා එන අතර වාරයේ "බලන්නකෝ... අම්මට වෙච්ච දේ නේද? හිතා ගන්නවත් බැරි දෙයක් නේද වුණේ. අපි කොහොම හරි හොරා අල්ලගමු නේද" යනුවෙන් රන් මැණිකේගේ පුතාටද පවසා ඇත.
නමුත් චතුරංග රන් මැණිකාගේ නිවසට එන අවස්ථාවේ ඇය අවසන් වරට දුරකතන ඇමතුම ලබා ගනිමින් සිටි සිය පවුලේ හිතවතෙක් වූ යුද හමුදාවේ සේවය කරන අයෙකුට රාත‍්‍රියේ පැනඩොල් ගන්නට චතුරංග පැමිණි බව පවසන හඬ ඇසි තිබිණ. අවසානයේ පොලිසියේ උකුසු ඇස චතුරංග හා බිරිඳ වෙත යොමු වූහ. පෙදරේරුවෙක් වූ චතුරංග උසාවියේ නඩු ගොන්නක හිමිකරුවෙකි. මත්ද්‍රව්‍ය නඩු දහයක් ඔහුට පවතී.
අවසානයේ පොලිසියේ අති දක්ෂ ප‍්‍රශ්න කිරීම මත සැකකාර කතගේ මුවෙන් ඇත්ත පිට වන්නට විය. අවසානයේදී චතුරංගද ගිරවෙකු සේ දිගින් දිගටම ඇත්ත කියා ගෙන යන්නට විය.
නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත්වරුන්ගේ මඟ පෙන්වීමෙන් උහන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එල්. ඞී. එන්. කරුණාරත්න මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. නිමල් ජයලත්, කා.පො. අංශයේ ස්ථානාධිපති කා.පො.සැ. (5694* ෂර්මිලා ගාල්ලගේ, පො.සැ. වරුන් වන (61993* රාජපක්ෂ, (39484* බංඩාර, (76240* චාමර, පො. සැ. (16067* කුමාරසිංහ සහ පො.කො. රි. (17789* නිශ්ශංක යන නිලධාරි මහත්ම මහත්මීන් විසින් මෙම වසන් වෙන්නට ගිය අපරාධයේ සුලමුල සොයා මහත් වෙහසක් ගෙන කටයුතු කළහ.
- සුසන්ත අමරබන්දු