May
30
රාජිතගේ උපන් දිනය සමරපු පුතා චතුර ගැන ජනතාව පැමිණිලි කරයි..
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබිණි.
ඒ නිමිත්තෙන් ඔහුට සෙත්පතා ආශිර්වාද පහන් පූජාවක් විහාර මහා දේවී උද්‍යානයේ දී ඊයේ පස්වරුවේ පැවැත්විනි.
එහිදී සැහැල්ලු වායු පිරවූ බැලුම් ඉපන්දම් දල්වා අහසට යැවීම සිදු කරන විට ඊට එම ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වී ඇත්තේ තම නිවාසවලට එමගින් හානා සිදු වේ යයි බියෙනි.
ඔවුන් ඒ බව ගිනි නිවන හමුදාවට දැන්වීමෙන් පසු එම බැලුම් යැවීම නතර කර ඇත.
ඔහුගේ පුත් චතුර සේනාරත්න විසින් සංවිධානය කර තිබූ එම අවස්තාවට සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස ඇතුලු ඇතුළු පිරිසක්ද ඊට සහබාගී වී තිබුණේ ජන රාශින් වැලකිය යුතුය යන නිරෝධායන රෙගුලාසිද නොතකමිනි.