May
16
පාර්ලිමේන්තුවට හමුදාව දාලා. හිටපු කතානායකට ඇතුළු වෙන්න අවසර නෑ
කොරෝනා වෛරස පාලනයට මුවාවී අද රටේ ප්රජාතන්ත්රවාදය විනාශ කර ඇතැයි සමගිය ජන බලවේගය සඳහන් කරයි.
ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට අද පාර්ලිමේන්තුවට හමුදාව යොදවා ඇතැයිද හිටපු කතානායකගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සබාව එහි රැස් කිරීමට අවස්ථාවක් නොදුන් බවත් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේය.
අද රාජ්‍ය පාලනය හමුදාකරණය කර ඇති බවත් දැනටමත් හමුදා නිලධාරීන් තිදෙනකු රාජ්‍ය ලේකම් අමාත්‍යංශවල ලේකම්වරුන් බවට පත්කර ඇති බවට ඔහු චෝදනා කළේය.
මේ වන විට හමුදා පාලනයකට රට ගෙන යන බවද ඔහු පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.