May 11

ඉන්දියාවේ සිරවූ ගැබිණි මවුන් ගේන්නට ශ‍්‍රී ලන්කන් යයි


කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායිහි අතරමංවී සිටින ශ්‍රී ලාංකික ගැබිණි මව්වරුන් පිරිසක් ගෙන්වා ගැනීම සඳහා වෙනම ගුවන් යානයක් යැවීමට කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර ඇත.

ඒ සම්බන්ධයෙන් එරට සිට හෙට දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ගැබිණි මව්වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය පළ කරයි.

ඔවුන් විසින් ස්තුතිය පළ කරමින් සහ ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයටය දැඩි අප‍්‍රසාදය පල කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.
ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

චෙන්නායි හි අතරමංව සිටි ශ්‍රීලාංකික ගැබිනි මව්වරුන් ගෙන්වාගැනීම පිලිබද ස්තුතිය පලකිරිම .

මෙම ලිපිය ලියන අප (ගැබිනි කාන්තාවන් විශාල පිරිසක්) සහ සියයකට අධික ලාංකික පිරිසක් මරණයේ දොරකඩ සිටියෙමු.දීර්ඝ කාලයක් දරුපල පමා වු අප චෙන්නායි වෙත ගියේ ඒ අරමුණ සාක්ෂාත් කරගැන්ම පිනිසයි. ඒ අතරවාරයේ කොරෝනා මාරයා අප සිටි චෙන්නායි නගරය ද වෙලාගත්තේය.අපට කෑම බීම පවා අර්බුදයක් විය.

මෙම තත්වය හමුවේ අපි චෙන්නායි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට මාර්තු මස අගභාගයේ සිට දැනුම් දුන්නේ අප මව් රටට යවන්නට සහාය වන ලෙසයි. ඒ වනවිට අප පත්ව ඇති දුෂ්කරතා ද දන්වා සිටියෙමු. ඒ කිසිවකට ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබුනා පමණක් නොව අපට බොන්නට වතුර උගුරක් හෝ සපයා දීමට අපේ රටේ මහජන මුදලින් නඩත්තුවන චෙන්නායි හි ලංකාවේ තානාපති කාර්යාලය අපොහොසත් විය.අවස්ථා ගනනාවකදීම අප එහි ප්‍රධානියාවන ක්‍රීෂ්ණමුර්ති මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධකරගන්නට උත්සාහ කලද ඒවා ව්‍යර්ථ විය. අපි ඉල්ලීම් ඉදිරිපත් කල සෑම විටකම අපගේ නාමලේඛණ ඉල්ලා සිටියා හැර කල කිසිවක් නොවීය. යම් ආකාරයකින් හැකි පමනින් යම් පිරිසකට හෝ සහන සලසන ලද්දේ චෙන්නායි හි පිහිටි මහාබෝධි විහාරයේ ගරු ස්වාමින් වහන්සේ විසිනි.තානාපති කාර්යාලයේ ක්‍රියාකලාපය ගැන උන්වහන්සේ ද සිටියේ දැඩි කලකිරීමකිනි.

අවාසනයේ අපි ගරු ඔබතුමා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කලෙමු. ගරු ඔබතුමා විසින් පත්කල අභිනව විදේශකටයුතු බාර නිලධාරියා වු අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ට ද ඇමතුවෙමු.

අතිගරු ජනාධිපතිතුමනි, ක්ෂනිකව දුරකතනය ප්‍රතිචාර දක්වන ඉහල රාජ්‍ය නිළධාරියකු ගැන මේ වකවානුවේ ඇසුවේනම් ඒ අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාය.එතුමන් අපේ දුක්ගැනවිලිවලට ඉතා සාවධානව ඇහුම්කන් දුන්නේය. දින කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ අප මව් රටට ගෙන්වා ගැනිමට අවශ්‍ය කටයුතු ඔබතුමාගේ නායකත්වයෙන් සම්පාදනය කලේය. ඒ අනුව හෙට ( 12 දා) දිනයේදි අපට අපේ මව් රටට පැමිනිමට අවස්ථාව ලැබී ඇත.

අතිගරු ජනාධිපතිතුමනි,

අප අතර පසුගිය ජනාධිපතිවරණයේදි ඔබතුමන්ට ජන්දය දුන් මෙන්ම නොදුන් පිරිස් ද සිටියහ. අපි සියළු දෙනාට පොදුවේ ඒත්තු ගිය කාරණය නම් ඔබතුමා නොවන්නට අපි පමණක් නොව වසර ගණනාවක් දුක්විද විශාල මුදලක් ද වැය කර මෙලොව එලිය ලබන්නට වරම් ලද ඒ දරුවන්ද කොරෝනා මාරයාගේ ගොදුරක්ව මියැදෙන්නට සිදුවන බවත් අපේ මෘත දේහයක් වත් අපේ මව් රටට නොලැබෙන බවත්ය.

ඔබතුමන්ගේ විශේෂ අනුමැතියෙන් සම්බන්ධීකරණය කල ගුවන් යානයට අප පිටත්කර යැවිමට ප්‍රවාහන පහසුකම් හෝ විධිමත්ව සැලසීමට තානාපති කාර්යාලය අපොහොසත් විය. ගුවන් යානය තෙක් ප්‍රවාහන පහසුකම් අප විසින් සලසා ගත්තෙමු. අවසන් මොහොතේ ද උදෑසන එක් ලේඛනයක් පුරවන්නට කියා සවස දැනුම් දුන්නේ එම ලේඛනය වැරදීමකින් එවු එකක් බවත් වෙනත් ලේඛනයක් පුරවා දෙන ලෙසත්ය.

අතිගරු ජනාධිපතිතුමනි,

අපගේ ජීවීත බේරාදුන් ඔබතුමන්ටත්, අද්මිරාල් කොළඹගේ මහතා ඇතුළු නිළධාරි කණ්ඩායමටත් පොදුවේ ස්තුතිය පුද කරමු.එමෙන්ම ඉන්දියාවේ පිහිටි ලංකාවේ තානාපති කාර්යාලයේ කටයුතු මීට වඩා විධිමත් කරන මෙන් ඉල්ලා සිටිමු.

අතිගරු ජනාධිපතිතුමනි,

ඔබතුමා සහ ඔබතුමාගේ නිළධාරි කණ්ඩායම නොවන්නට ලංකාවේ විදේශ කටයුතු භාර අමාත්‍යාංශය මගින් හෝ තානාපති කාර්යාලය මගින් අප අනාරක්ෂිත කල බව යලිදු සදහන් කරමු.

ඔබතුමන්ටත් ඔබතුමන්ගේ නිළධාරි කන්ඩායමටත් අපගේ ගෞරවය ස්තුතිය යළිත් පිරිනමන අතර නිදුක් නිරෝගි දීර්ඝාහුෂ පතමු. සමස්ත රටවැසියා වෙනුවෙන් අප ඉල්ලා සිටින්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලත් සිටින ලාංකිකයන් කෙරෙහි සැලකිල්ලක් නැති නිළධාරින් වෙනුවට අද්මිරාල් කොළඹගේ මහතා වැනි ජනතාවට ද ඇහුම්කන්දෙන කාර්යශුර පිරිසක් පත්කරන ලෙසයි.

ස්තුතියි,

මෙයට
චෙන්නායි හි අතරමංව සිට ලංකාවට පැමිනිමට නියමිත මව්වරුන්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.