May 11

එක්දරු මවක් ගෙන ගොස් තිදෙනෙකු සමග රැයක් වීඩියෝ කරලා


අම්බලන්ගොඩ ප්‍රදේශයේ එක්දරු මවක් යතුරු පැදියකින් කැදවාගෙන ගොස් තිදෙනෙකු සමග රැයක් මුළුල්ලේ දූෂණය කරමින් වීඩියෝ ගතකර, නිරුවත් ඡායාරූප ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනකු 2020 මැයි මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කරන ලෙසත් සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුද අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දුන්නේය.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි එක් දරු මවක් විසින් අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට නෙ තිබේ.

පළමු සැකකරු විසින් පැමිණිලිකාර කාන්තාව සිද්ධිය වූ දින රාත්‍රී 8.00 ට පමණ බළපිටිය, බේරතුඩුව ප්‍රදේශයේ අතහැර දමන ලද පාළු නිවසකට කැදවාගෙන පැමිණ තිබෙන බවත් ඔහු විසින් පසුව දුරකතන ඇමතුමක් දී දෙවන හා තෙවන සැකකරුවන්ද කැදවාගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. පසුදින අළුයම 3.30 පමණ වන තෙක් සැකකරුවන් තිදෙනා තමා වරින් වර දුෂණය කල බවත් ඔවුන් සතුව තිබූ ජංගම දුරකතන වලින් දූෂණය කරන අවස්ථාවන් හා තමාගේ නිරුවත් සිරුර වීඩියෝ සහ ඡායාරූප ගතකල බවත් පැමිණිලිකාරිය විසින් අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වේ.

පැමිණිලිකාරිය කුඩා දියණියකගේ මවක් බවත් සැමියා මාලදිවයිනේ රැකියාව කරන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

පැමිණිලිකාරිය, පළමු සැකකරු සමග කැමැත්තෙන් ගියේද යන්න සහ දෙවන හා තුන්වන සැකකරුවන් කැදවාගැනීම මෙන්ම වීඩියෝ ගත කිරීම හා ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් තව දුරටත් පොලිස් පරීක්ෂණ සිදුකරන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

- ජයකාන්ත ලියනගේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.