May
17
"ඔව් මට මාස හතරක් ගෙදර යන්න බැරි උනා.අපේ අම්මලා අතුරුදන් උනා කියලා මාව මතක් කරලා පින් අනුමෝදන් වෙන්න තුන්මාසේ දානයත් දීලා.ඔව් බන් මම ඊළග මාසේ ගෙදර ආවා.මම උන්ගේ කෑම්ප් එකට තනියම ඇටෑක් කරලා උන්වත් බ්ලාස්ට් කරලා මගේ ඉතුරු උන යාලුවත් කරේ තියාගෙන මාසයක් අතරමන් උන කැලේ මැදින් අවසානේ පාර හොයාගෙන මන්නාරමට ආවා.."
කිසිදා නොකියූ කිසිදා නොපැවසූ ඔහුගේ මතකය අපායටත් පාඩම් ඉගැන්වූ මොණරාගල දක්ෂතම සැඟවුනු වෙඩික්කරුවා A FONSEKA ( RWV PWV ) L.R.R.P SF මා වෙනුවෙන් එකම එක් වරක් පමණක් අවධි කලේ එලෙසය.
මොණරාගල බිබිල ප්‍රදේශයේ උපන් A FONSEKA නම් අභීත රණවිරුවා යුධ හමුදා විශේෂ බළකායට එක්වන්නේ 1998 වසරේදීය.
යුධ හමුදා විශේෂ බළකාය යනු මාරයාටත් හායී කියා අපායට ගොස් බායී කියා නැවත නැවත ඒමට තරම්, යුධ හමුදාව හා සමබන්ධ අපහසුම හා ළඟා විය නොහැකි ඉලක්ක සුනුවිසුනු කරනා බළකාය බව ඔබටත් ඇසූ පමනින් අවබෝධයක් ඇති බව මම සිතමි.යුධ හමුදා විශේෂ බළකා පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකල පසු වැඩ්ඩන් අතර වැඩ්ඩෙක් වීමට "මහසොන් බළකාය" යනු කදිම තෝතැන්නකි. දිගු දුර විහිදුම් බළකා පාඨමාලාව සමත් වන අතිශූරම සෙබළුන් අතලොස්සක් පමනක් මෙම මහසොන් බළකායට ඇතුළත් කරගනී.A Fonseka එම කඩයිමද සාර්ථකව නිමකරමින් මහසොන් බළකායට එක් වන්නේ මොණරාගලින් බිහිවූ දක්ශතම වෙඩික්කරුවා ඇගයීම තමන් වෙත නතු කරගනිමිනි.
මුළතිව් ප්‍රදේශයෙන් තම අභීත කාර්‍යභාරය අරඹන A, එල්ටීටීඊ ත්‍රස්තවාදී මර්මස්ථාන ගණනාවක් විනාශ කරමින් සතුරු භූමියේ තම අණසක පතුරුවමින් මුලතිව්, මන්නාරම , කිළිනොච්චි , ඉරණමඩු , එලිෆන්ට්පාස් වැනි කොටි මර්මස්ථානවලට එරෙහිව ක්‍රියාත්මක වූ
මෙහෙයුම් රැසකට තම දායකත්වය ලබා දෙන ලදී..
" පුතේ ඒ පැත්තෙ දැන් දරුණුවටම යනවද කලබල..දවසක් මාගේ පියා විමසා සිටිමුත් සිනහවකින් කෙටි පිලිතුරක් දුන්නේ මෙසේය.
" මාස දෙකකින් බූට් ගැලෙව්වේ.කකුල් කුණුවෙලා තිබුනේ.අම්මලා බය වෙන නිසා බෙහෙත් දාලා සතියකින් මේ ගෙදර ආවේ..
ඒ හම රැලි ගැසී තුවාල වී පලු ගැසුන කකුල් වල තිබුනේ රට වෙනුවෙන් වූ අසීමිත කැපවීමය.කාලයත් සමඟ යුධ ගිනිදැල් දරුණුවට ඇවිලෙද්දී මාස කිහිපයකින් A ගෙන් නිවසට පණිවිඩයක් හෝ නිවාඩුවට වත් පැමිනි නොමැති වීමත් නිසා යුධ සමයේ සිදුවීම් හා දෙමව්පියන් A ගේ නොපැමිනීම හේතුවෙන් ලැබුනු තොරතුරු මත ඉතාම සංවේගයෙන් ඔහු වෙනුවෙන් ඇඬූ කඳුලින් ජීවත් වූ අතර ඔහු වෙනුවෙන් පින් අනුමෝදනා කරමින් තුන් මස දානමය පින්කමද සිදු කරන ලදී.
නමුත් ඉරණමද සරදමට ලක් වූයේ මෙසේය..
" මාසයක් විතර අපි පස් දෙනෙක් උන්ගෙ ( LTTE) කෑම්ප් එකට ඇටෑක් කරන්න ගියා.උන්ගේ දෙතුන් සීයක් ඉන්න ඇති.අපි ඇටෑක් කලා.සුද්දා..,මම බලාගෙන ඉද්දී මම ලග හිටිය මගේ යාලුවෝ තුන්දෙනෙක්ට වැදුනා.අපි දෙන්නෙක් උන්ගේ කෑම්ප් එක බ්ලාස් කරලා අවසාන මොහොතේ මගේ ඉතුරු උන බැගියටත් කකුළට වැදිලා තුවාල උනා.මම මගේ ඉතුරු උන එකාවත් කරට අරගෙන තිබුන බෙහෙත් දාගෙන මාසයක් කැළේ ඇවිදගෙන වතුර බිබී කොළ කකා අවසානේ මන්නාරමට ලං උනා. යාලුවා මාසයක් හොස්පිට්ල් හිටියා.මම සතියකින් නැගිට්ටේ..කවදාවත් මැරුණත් එකෙක්ව තනි කරලා ආවේ නෑ අපි.ඒත් පණ තියෙන මගේ එකාව අරන් එන්න මම අතරමන් වෙලා ඌට පුලුවන් විදියට බෙහෙත් කරගෙන මාසයක් ඇවිදලා ඌත් එක්කම මම කැලෙන් ආවා.. ඊට මාසෙකට පස්සෙ ගෙදර යනකොට මට තුන්මාසේ දානෙත් දීලා ගෙදර අය..
සැබැවින්ම ඔහු මහසෝනෙක්ය.වම් අත උඩ යකා ගැසූ යකෙක්ය.මරණයට පවා අභියෝග කල මිනිසෙක්ය. තම මව නිවැසියන් ප්‍රදේශයේ අයවලුන් පවා විමතියට පත් කරමින් A , අවසානයේ නිරුපද්‍රිතව තම නිවෙසට ආවේ එසේය. මරණය පෙනි පෙනී සටන් කල ඔහු, මානුශීය මෙහෙයුම අවසානය දක්වා තම උපරිම දායකත්වය දුන් අතර, යුධ හමුදා විශේෂ සම්මාන කිහිපයකින් පිදුම් ලැබූ අතර අද ඔහු විශේෂ බළකායේ ගෞරවනීය නිළධාරියකු ලෙස සේවය කරයි.වම් අතේ යකා පැලඳූ එකෙක් දක්ශ වෙඩික්කරුවෙක්, මහසෝනෙක් වන්නටත්,මරණයට අත වනා මෙලොව එන්නටත් ඔවුන් සුවිශේෂී වන්නෙ ද,සියලුම වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඒ ගෞරවනීය උත්තමාචාරය සැමදා ලැබිය යුත්තේ එමනිසාය.
ඔබ නොදැක ඇති මුත්,
A FONSEKA වැනි විරුවන් අදටත් අතීත වෙල්ලස්සේ රණකාමීන් ගේ වර්ථමානය ලෙස ජීවමාන සාක්ෂි දරනවා නොඅනුමානය.