May
17
"අපගේ යුධ පෙරමුනේ සිටි බළඇණි 2 1/2ක් ආපසු හැරී දිවීම ආරම්භ කර ඇත වසර දෙක හමාරක් පුරාවට ජයග්‍රාහී ගමනක් ආ අපේ යුද්ධ හමුදාව ආපසු හැරීම ආරම්භ කර ඇත.අප රටේ ජනතාව යුද්ධය දිනා අවසානය.එහෙත් ඔවුන් මහත් බලාපොරොත්තු තැබූ යුද්ධ හමුදාව ආපසු හැරී අවසානය."
කමල් ගුණරත්න මහතා පුඩිකුඩිරිප්පු මුදාගැනීමේ මෙහෙයුම ආරම්භයේදී මෙම ත්‍රස්තවාදී සේනාංක වල ප්‍රහාරයේ දරුණු බව පිළිබද සදහන් කරන්නේ එලෙසිනි.
බොහෝ දෙනෙක්ට වසර දෙකහමාරක් පුරාවට ඉදිරියට ගිය ජයසිකුරු මෙහෙයුම දින දෙකක් තුල එල්ටීටීරීය විසින් නොනවතින ප්‍රහාර රැල්ලක් මගින් ආරම්භක ස්ථානයටම පළවාහැරි ආකාරය සිහිවන්නට විය.වන්නියේ සිට අලිමංකඩ පරාජය දක්වා මහා පසු බැසීම වැනි යමක් යළිත් ඇරඹී ඇති බව දැනෙන්නට විය..
ඒ මීට එකොළොස් වසරකට පෙර එනම් 2009 පෙබරවාරි මුල් සතියේදී ඇතිවූ සිදුවීමකි.නමුත්.....
පසුගිය යුධ කිහිපයකම යුධ වැද හොදින් සටන් වල පදම්ව සිටි 53 හා 59 බලසේනාධිපතිවරුන් ඇතුලු සේනාංකාධිපතිවරුන්ට ගණදෙවි නුවන පහල වන්නේ මේ අතරවාරයේදීය. බලඇණි පැමිනෙන මග ත්‍රස්තවාදීන් භාවිත කළ පස් කණ්ඩියක් තිබිණි.පෙර මෙන් අල්ලාගත් පසු එවැනි දේ විනාශ කළ අතර මෙවර දෛවයේ සරදමකටදෝ එය විනාශ කිරීමට හමුදාවන් ක්‍රියා කොට නැත.විශේශ කාර්‍ය බලකා නිළදාරීන් සහ කමාන්ඩෝ සෙබලුන්ගේ මනා පරිශ්‍රමයක් අවසානයේ කිලෝමීටර් දෙකක් පසුපසට ආ හමුදාවන් පස්කණ්ඩිය මත ස්ථානගත කිරීමට හැකිවිය.ඒම උපක්‍රමයත් සමග ස්ථානගතවී එල්ල කල දරුණු ප්‍රහාර හමුවේ පසු බැසි එල්ටීටීඊ ත්‍රස්තවාදී සේනාංක පුඩුකුඩුරිප්පු නගරය සහ ආනන්දපුරම්හි කදවුරු බදින්නට විය..දින තුනක් පුරා පැවැති දීර්ඝ සටනකින් අතුරුව මාස දෙකහමාරක් පුරා විහිදි පුඩුකුඩිරිප්පු මුදාගැනීමේ මෙහෙයුම ජයගත් යුද හමුදා සේනාංක නන්දිකඩාල් බලා ගමන් අරඹන්නට විය..
ඒ පෙර කතාවයි..මහා ගැටුම ඇරඹුනේ ඉන් පසුවය, කෙමෙන් කෙමෙන් මාස දෙක හමාරක් පුරාවට පුඩිකුඩිරිප්පු ආනන්දපුරම් වෙත ලං වූ යුධ හමුදාවට අති දරුණුම සටනට අවතීර්ණ විය.එම ගැටුමමෙන් කොටි සංවිධානය ලැබූ පරාජය ඔවුනගේ 33 වසරක ඉතිහාසයේ කිසි දිනක අත්විඳ නැත.දින 4ක් පුරාවට නොනවත්වා දරුණු සටන් ඇතිවූ මෙම ප්‍රදේශයේ මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ 53 වැනි සේනාංකයත්, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අණදුන් 58 වෙනි සේනාංකයත් අතරය, මේ සදහා කොටි ත්‍රස්තවාදීන් තමන් සතුව සිටි මුළුශක්තියම භාවිතා කළ බැවින් හමුදාවන්ට සිදු වූ හානියද සුළුපටු නොවේ. සැබවින්ම කොටි නැවත නොනැඟිටින ලෙස පරාජය වුණේ ‘ආනන්දපුරම්’ සටනේදීය. එය නූතන විජිතපුර සටන ලෙස දැක්විය හැකිය.
ප්‍ර්‍රභාකරන්ට කිලිනොච්චිය මෙන්ම මුලතිව් ආරක්‍ෂා කරන්නටත් සිය භටයන් යෙදවීම අපහසු විය. පනස් දහසක හමුදාවක් විවිධ පැතිවලින් වන්නිය ආක්‍රමණය කරද්දී ප්‍රභාකරන්ගේ මෙන්ම පොට්‌ටු අම්මාන්ගේ යුද සැලසුම් විශාල අවුලකට පත් විය. ජය සිකුරු මෙහෙයුමේදී මෙන් මෙවර වන්නි මෙහෙයුමේදී ආරක්‍ෂක හමුදාව අසාර්ථක වූයේ නැත. කොටි සංවිධානයට සිය වසර 33 ක යුද ඉතිහාසයේ දරුණුම සටනට එළෙබෙන්නට ආන්දපුරම් හිදී මඟ විවර වූයේ එලෙසිනි.
මාර්තු මස 30 වනදින උදෑසනම ප්‍රභල ප්‍රහාරයක් එල්ල කරමින් ආරක්ශක වළලු බිඳගෙන ඉදිරියට හා හමුදා වැටලීම් වලින් මිදී සේනාංක වලටපසු පසින් පහරදීමේ ඔවුන් නොනවතින රැල්ලේදී භාවිතා කළ න්‍යාය අනුගමනය කරමින් ප්‍රහාර එල්ල කිරීමට උත්සහ කළ එල්ටීටිරී ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාර හමුවේ පලමු ආරක්ශක වලල්ල පිටුපසට ගැනීමට හමුදාවන්ට සිදුවූ අතර ත්‍රස්තවාදීන් ආරක්ෂක වලල්ල තුලට කිලෝමීටර් 8ක පමන පෙදෙසකට කඩාවැදීම ඇරඹුනේ මේ අවස්තාවේදීය.කමාන්ඩෝ සෙඹලුන්ගේ හා විශේෂ කාර්‍ය බළකා සෙබළුන්ගේ විශිෂ්ඨ ප්‍රතිප්‍රහාරය මැද පළමු ප්‍රයත්නය මුළුමනින්ම අසාර්ථක වූයේ.සර්ණම් ලොරන්ස් හා චාල්ස් ඇන්තනී යන ත්‍රස්ත නායකයින්‍ටද තුවාල සිදු කරමිනි..
උතුරෙන් 58 වන සේනාංකයත් බටහිරින් 58 වන සේනාංකයත් දකුනින් නන්දිකඩාල් කාලපුවත් නැගෙනහිරින් ඉන්දියන් සාගරයටත් කොටුව සිටි එල්ටීටීඊය සියළු නායකයින් ආනන්දපුරම් වෙත යොදවා සිව්වන ඊලාම් යුද්ධයේ හැරවුම් ලක්ශය බවට පත් කරගැනීමට එල්ටීටීඊ නායකත්වය සැළසුම් සකස් කරන්නට විය.ඒ අනුව දහස් ගනනක් අවසන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ආනන්දපුරම් වෙත එක් වූයේ ඒ අතරතුරයි.එල්ටීටීඊය එයට සූදානම් වූයේ තමා සතු සියළු බර ආයුද විශාල ප්‍රමානයක් සහ 122mm,130mm,152mm ප්‍රභල කාලතුවක්කු කිහිපයක්ද, මෙම ප්‍රදේශයේ ස්ථානගත කරගනිමින්ය.. නමුත්
පුඩුකුඩුරිප්පු උතුරේ සිට ආනන්දපුරම් වෙතට සෘජුවම පැමිනිමෙන් 58 වැනි සේනාංකය, පුඩුකුඩුරිප්පු දකුනේ සිට උතුරට පැමිනීමෙන් 53 වැනි සේනාංකය සහ 8වන කාර්‍ය සාධක බළකායත් පච්චතිළුමොටෙයි හන්දියේදි එක් වීමට සැළසුම් සකස් කරන්නේ මේ අතරවාරයේදීය,ඔවුන්ගේ වේගයත් වෙඩි බලයත් හමුවේ දරුණු ප්‍රහාර මැද ඉතා සාර්ථකව එල්ටීටීඊ ත්‍රස්තවාදන් නොසිතූ මොහොතක පච්චතිළුමොටෙයි සමීපයේදි සේනාංක දෙක එක් වූයේ එල්ටීටීඊ සටන් පෙරමුනට පිටු පසිනි.මෙම අනපේක්ෂිත වැටලීමෙන් මිදීමට ඔවුන්ට ඉතා ප්‍රභල සටනක් දියත් කිරීමට සිදුවිය.ඒ එල්ටීටීඊයේ සිටි ප්‍රභලතම බලකායන් සිටියේ එම ප්‍රදේශයේය.පලමු ආරක්ෂක වලල්ල දැඩි සටනකින් බිද දමමින් එසේ ඉදිරියට ඇදි හමුදා සේනාංක ආනන්දපුරම්හි එක්ව සිටි දහස් ගනනක් වූ එල්ටීටීඊ බලකොටුව වට කරන්නේ ඔවුන්ට සිතන්නට කිසිවක් ඉතිරි නොකරමිනි,මහා සටන ඇරඹෙන්නේ ඉන් අනතුරුවයි..
දින ගණනක් පුරා නොකඩවා දරුණු සටන් ඇවිලිණි.නමුත් ත්‍රස්තවාදීන් සිව්වන ඊලාම් යුද්ධයේ හැරවුම් ලක්ෂයක් කිරීමට සැලසුම් සකස් කළ මෙම සටනේදී පසුගිය දෙවන හා තෙවන ඊලාම් යුද්ධ වලදි මෙන් නොව එකා පිට එකා වැටියදීත් දැඩි පරිශ්‍රමයකින් යුතුව සතුරු බලමුළු එකින් එක බිදහෙළමින් ඉදිරියට ආ ගමන යළිත් නතර කරන්නට යුදහමුදා රණවිරුවන් ඉඩ දුන්නේ නැත.ආනන්දපුරම්හි සිරවී සිටින කොටි නායකයන් බේරා ගැනීම සඳහා ලෝරන්ස්ගේ නායකත්වයෙන් 120 ක අතිරේක භට පිරිසක් උත්සාහ කළද මොවුන් ගමන් කළ බස් රථ දෙක හා ලොරිය හමුදා ප‍්‍රහාරවලින් අළු බවට පත්විණි. අපේ‍්‍රල් 03 වැනිදා කොටි නායක භානු මේ ප‍්‍රදේශයෙන් එළියට ඒමට සමත් වුවද හෙතෙම තුවාල ලබා සිටියේය. භානු තමා සමග එන ලෙස තීපන්ට දැන් වුවද මේ කොටි යුද නායකයා එය ප‍්‍රතික්‍ෂේප කළේය. මම එන්නේ අපේ කොල්ලොත් එක්ක තමයි. එහෙම ආවේ නැත්නම් මම මෙතන උන් එක්කම මැරෙනවා යැයි තීපන් භානුට ප‍්‍රකාශ කර ඇත. මේ බව භානු විසින් පොට්ටු අම්මාන්ටද දැනුම් දී තිබිණි. තීපන් අපේ‍්‍රල් 01 වැනිදා හා 02 වැනිදා ඇතිවූ සටන්වලින් තුවාල ලබා සිටියේය.ප‍්‍රභාකරන් හා පොට්ටු අම්මාන්ද ආනන්දපුරම්හි සිට ඇති නමුත් මේ සටන ඇවිලීමට පෙර මාර්තු 26 වැනිදා මොවුන් මේ ප‍්‍රදේශයෙන් ඉවත්ව ගොස් තිබිණි.
කොටි නායිකා විදුෂා පොට්ටු අම්මාන්ට කතා කරමින් අමතර භට පිරිස් ඉල්ලා ආයාචනා කරන අයුරුද හමුදාව සිය ගුවන් විදුලි සන්නිවේදන උපකරණ හරහා ශ‍්‍රවණය කර තිබිණි. එහෙත් පොට්ටු අම්මාන්ට කළ හැකි දෙයක් නොවීය.හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ විශිෂ්ඨ මෙහෙය වීමත්,ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමත් යටතේ,බලසේනාධිපතිවරුන්ගේ කාර්‍යශූරත්වයත් මත, නොපසුබසිනා ලෙස ඉදිරියට ආ රණවිරුවන් පනස්දහසකට අධික සෙබළ පිරිසක් වටකර පහර දෙද්දී කොටි නායකයන්ට කර කියාගත හැකි දෙයක් නොවීය. කළ හැකි වූයේ බලාගෙන සිටීම පමණි. අපේ‍්‍රල් 03 සහ 04 යන දිනවලදී සිරවී සිටි කොටි සාමාජිකයන්ට දරුණු ප‍්‍රහාර එල්ල විය. කොටි හිස මතටම ෂෙල් ප‍්‍රහාර පතිත වන්නට විය.
මේ සටනේදී එල්ටීටීඊය ලැබූ ප‍්‍රමුඛතම පරාජය වූයේ කර්නල් තීපන්ගේ මරණයයි. වසර 25 ක් තිස්සේ එල්ටීටීඊය වෙනුවෙන් සටන් වැදුණු දක්‍ෂ යුද නායකයකු වූ හෙතෙම කන්දයියා බාලසේගරන් නොහොත් බාල්රාජ්ට පසුව එල්ටීටීඊය බිහි කළ හොඳම යුද නායකයා ලෙස ප්‍රකට විය..
හමුදාවට එරෙහිව පස් බැමි තැනීමේ මූලිකයා වූයේ ඔහුය.හමුදා නායකයින් ප්‍රකාශ කරන ආකාරයට කරුණාගෙන් පසුව එල්ටීටීඊයේ බිහිවූ දක්‍ෂතම සටන්කරුවා වන්නේ තීපන්ය. තීපන් ඝාතනය වන්නේ ගුවන් සංක‍්‍රමණික බළකායට අයත් 6 වැනි ගජබා බලඇණියේ සෙබළුන් විසින් එල්ල කළ ප‍්‍රහාරයකිනි. කොටි සන්නිවේදන ජාලය විසින් තීපන්ට ලබාදී තිබූ සංකේත නාමය වූයේ ‘ටොන්ගො පාපා’ යන්නය. තීපන් හිටපු කොටි සාමාජිකාවක් හා විවාහ වී සිටි අතර ඔවුනට දරුවෝ නොවීය.මේ සටනේදී මරුමුවට පත්වූ තීපන් බි‍්‍රගේඩියර් නිලයට උසස් කිරීමටත් ප‍්‍රභාකරන් පියවරගෙන තිබිණි.තීපන් සමග මාලනී බළකායේ ප‍්‍රධානී විදුෂා, ඇගේ දෙවැනියා වූ කමලිනිද සොතියා රෙජිමේන්තුවේ ප‍්‍රධානී දුර්ගා හා දෙවැනියා වූ මෝහනාද මරණයට පත්විය. ආනන්දපුරම් සටනේදී නැගෙනහිර සටන් කරුවන්ගෙන් සැදුම්ලත් දක්‍ෂ සේනාංකයක් වූ ජෙයන්තන් බළකායේ ප‍්‍රධානී කීර්ති හා නාගේෂ්ද මිය පරලොව ගොස් තිබිණි.
කලක් ප‍්‍රභාකරන්ගේ ශරීරාරක්‍ෂකයකු ලෙස කටයුතු කළ පසුව ඉම්රාන් පාන්ඩියන් බළකායේ ප‍්‍රධානියා වූ ගඩාෆිද මේ සටනේදී මරුමුවට පත්විය. ඔහු කොටි සංවිධානයේ ආර්.ජී.පී. බළකායේද ප‍්‍රධානියා වශයෙන් කටයුතු කළ අයෙකි. ඉන්දීය රජය මගින් කොටි සාමාජිකයන් දස දෙනෙකුට ගුවන් නාශක අවි මෙහෙයවීම සඳහා පුහුණුවක් ලබාදුන් අතරද ගඩාෆිද ඒ කණ්ඩායමට අයත් විය. කොටි සංවිධානය සෑම්-7 ගුවන් නාශක මිසයිල ලබාගත් පසු ගඩාෆි එම අවි උපයෝගී කරගෙන ගුවන් හමුදාවට අයත් යානා කිහිපයක්ම බිඳ දැමීය. මෙහිදී එල්ටීටීඊ විශේෂ බළකාය එනම් රාධා බළකායේ ප‍්‍රධානී සිලම්බරාසන්ද මරු දැකීය. චාල්ස් ඇන්තනී බළකායේ ප‍්‍රධානීන් වූ හොජිත් හා අමුතාබ් ඝාතනය වූයේ මාර්තු 31 රාති‍්‍රයේය.
අපේ‍්‍රල් 5 වැනිදා වන විට ආනන්දපුරම් සටන අවසන්වී තිබුණු අතර හමුදාව මියගිය එල්ටීටීඊ සාමාජිකයන්ගේ සිරුරු එකතු කරන්නට විය. ආනන්දපුරම් සටන් අවසානයේදී 130mm කාලතුවක්කු 03 ක් ඇතුළු ආයුධ විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමට හමුදාවට හැකි විය. එල්ටීටීඊයට නැවත නොනැගිටින ලෙස ප‍්‍රහාර එල්ලවූයේ ආනන්දපුරම්හීදි එසේය. එය ලක් යුද ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාවකි.එහිදී එල්. ටී. ටී. ඊ. හොඳම යුද නායකයා වූ තීපන් ඇතුළු කාඩර්වරු 625 දෙනෙක් මැරුම් කෑහ.පුඩුකුඩුරිප්පු සිට ඒ දක්වා මිය ගිය ත්‍රස්තවාදීන් ගනන තුන්දහසකට අධික විය..
ප්‍රභාකරන්ගේ සිහින ඊළම ආනන්දපුරම් පරාජයෙන් අනතුරුව දෙදරා ගියේය . මේ සටනේදී 1996 දී පුලූකුණාවෙන් පැහැරගත් 85mm ප‍්‍රහාරක අවියක්ද සොයා ගැනීමට හැකිවිය. ඇත්තෙන්ම ප‍්‍රභාකරන්, පොට්ටු අම්මාන්, සුසෙයි ඇතුළු පිරිසක් මෙහි කොටුවී සිටියා නම් ඊළාම් යුද්ධය අවසන් වන්නේ 2009 අපේ‍්‍රල් මුල සතියේදීය.එවකට සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ අවි බිමතබා යටත් වීමට තවමත් කල් ඇති බව දන්වා සිටින්නේ මේ සටනින් අනතුරුවය.එවිට සිදුවන ජීවිත හානිය තවදුරටත් අඩුකර ගැනීමට හැකි වන්නේය. නමුත් ප‍්‍රභාකරන්ගේ පණ තවත් සති හයකට දික්වී තිබිණි.මන්ද ලොව විශාලතම මානුෂිය මෙහෙයුම,කොටි ත්‍රස්තවාදීන් බලෙන් රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමානයක් කොටි ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ ශ්‍රී ලාංකීය වීරෝධාර සෙබලුන් විසින් මුදාගැනීමට සිදු වූ හෙයිනි.
ඒවා දැන් ඉතිහාසයට එක්වී හමාරය. නන්දිකඩාල් කලපුවේ මැරි වැටී සිටි ප‍්‍රභාකරන්ගේ අළුද මුහුදට එක්කර එකොළොස් වසරක් ගතවී හමාරය.
තම රට හා ජාතිය වෙනුවෙන් එක් අතකින් පතුරම් පිරුණු තුවක්කුවත්, අනෙක් අතින් මානව හිමිකම් හා Rule of Engagement පොතත්, හදවතේ දයාව ආදරය කරුණාවත් පුරවාගෙන සටන්කළ වීර සෙබළුන්, යුධ හමුදා විරුවන් 23962,නාවික හමුදා විරුවන් 1160,ගුවන් හමුදා විරුවන් 443,පොලිස් විරුවන් 2568,සිවිල් ආරක්ෂක විරුවන් 456 රට වෙනුවෙන් දිවිපුදා 14000 ආබාධිත වී රැකගත්,සාමයේ අරුණැල්ල මතින් නැගී සිටි මාතෘභූමියෙහි ගැබ්ව ඇති මේ යුද අතීතය කිසි විටෙක අමතක කළ යුතු නැත. ත‍්‍රස්තවාදයෙන් රට බේරාගත් දෙමළ අන්තවාදය පරාජය කළ සෙබළුන් සැමදා සැමරිය යුතුය.