May 15

හෙළයේ උරුමයන් රැකගන්නා බවට කමල් ගුණරත්නගෙන් සහතිකයක්


පුද්ගල සහ සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදුකරනු ලබන විනාශයන්ගෙන් සහ  ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආරක්‍ෂා කිරීමට මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහතික විය.

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ‘මුහුදු මහා විහාරය’ සහ ‘දීඝවාපිය’ පුරාවිද්‍යාත්මක ස්ථාන වෙත ඊයේ (14) දින පැමිණි අවස්ථාවේදී ගම්වැසියන් හා බෞද්ධ හිමිවරුන් කිහිප දෙනෙකු මුණගැසුණු අවස්ථාවේදී ඔහු මෙම මේ බව පැවසීය.

රටේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ගණනාවක් පෙර නොවූ විරූ පරිදි ආක්‍රමණයන්ට  සහ විනාශකාරී ක්‍රියාවන්ට ගොදුරු වීම පිළිබඳ මෑත කාලීනව මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍ය ජාලාවල පලවූ පුවත් වාර්තා වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම සංචාරය සිදුකරන ලදි.

ආරක්‍ෂක ලේකම්ගේ උපදෙස් අනුව පොතුවිල් හි ඉපැරණි බෞද්ධ විහාරස්ථානයක් වන මුහුදු මහා විහාරය ආශ්‍රිතව ආරක්‍ෂාව පවත්වා ගැනීම සඳහා නාවික හමුදා උප අනුඛණ්ඩයක් ස්ථානගත කර ඇත.

විහාර භූමිය අනවසරයෙන් අල්ලා ගැනීමට ඉඩ නොදෙන බව ඔහු විහාරස්ථානාධිපති පුජ්‍ය  වරකාපොල ඉන්ද්‍රතිස්ස හිමි වෙත දැනුම් දුන්නේය.

එම ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳව විස්තර කළ ඔහු, අදාළ බලධාරීන් සමඟ රැස්වීමක් කැඳවා කඩිනමින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කටයුතු කරන බව පැවසීය.

එවකට පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්ව සිටි සෙනරත් පරණවිතානයන් විසින් 1951 දී ප්‍රකාශයට පත් කරන ලද අක්කර 72 ක විහාර භුමි ප්‍රමාණය 1965 දී ගැසට් නිවේදනයකින් අක්කර 32 දක්වා අඩු කළ බව පූජ්‍ය ඉන්ද්‍රතිස්ස හිමි ආරක්‍ෂක ලේකම් වෙත දන්වා සිටියේය.

 “මේ වන විට එම ඉඩමෙහි පවුල් 42 ක් පදිංචිව සිටින අතර ඔවුන් පන්සලේ ඉතිරි ඉඩම් ද අත්පත් කරගනිමින් සිටිනවා” විහාරාධිපති හිමියන් මේ බව පවසමින් මෙම ගැටළුව කඩිනමින් විසඳා දෙන ලෙස ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම ඉහල පෙලේ ආරක්‍ෂක අංශ දූත පිරිස මුහුදු-මහා විහාරය සහ දීඝවාපිය යන ප්‍රදේශවල සංචාරය කළහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.