May
23
කොරෝනා ගැන ඇමරිකා ජනාධිපතිට කියා දෙන මෙරට වසංගත රෝග අංශ ප්‍රධානී
ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා පරීක්ෂණ වැඩිපුර සිදු කිරීමට සිදුවීම සිදුවී ඇත්තේ ඔවුන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා ප්‍රවේශ වීමේ වරද නිසා බව මෙරට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
ඇමරිකාවේ කොරෝනා රෝගීන් ඉහල ගොස් ඇත්තේ පරීක්ෂණ ඉහළ යාම හේතුවෙන් නිසා එය සතුටු විය හැකි කාරණාවක් යයි ඇමරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.
ඇමරිකාවේ කොරෝනා රෝගීන් මීටත් වඩා වැඩි විය හැකි වුවත් ඔවුන් පරීක්ෂා කරන්නේ සැලැස්මකට අනුව නොව රෝගී වූවන්ගේ ජීව සාම්පල බවත් ඔහු පැවසීය.
නමුත් ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පරීක්ෂණ 45,000ක් පමණ වුවද එය මෙරට ප්රවේශයේ ස්වභාවය අනුවත් ඉතාම ප්‍රමාණවත් යැයි සඳහන් කළේය.
අන්තර්ජාල අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
වැලිසර නාවික හමුදාවට කඳවුරේ කොරෝනා ඇති වීම සිදුවූ ආකාරය ගැනද විස්තර කරන ඔහු ඉදිරි සති දෙක තුනක කාලයේදීද රෝගීන් වාර්තා විය හැකි යැයි පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඇති විරෝධය සම්බන්ධයෙන්ද අදහස් පළ කරමින් ඔහු සඳහන් කරන්නේ තමන් රෝගය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සඟවා නැති බවයි.