May
19
ඇලහැර,කිරිඔය ප‍්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස අත්හැර දමා තිබූ මැණික් පතලකට ඇද වැටීමෙන් එකම පවුලේ කුඩා දැරියන් දෙදෙනෙකු (17) දිනපස්වරුවේ දි මරුමුවට පත්වී ඇතැයි බකමූණ පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කන්තලේ යාය පාර,කීරිඔය, අතරගල්ලෑව ලපිනයේ පදිංචිව සිටි එම්.එච්.එම්. මිතුලි (07) සහ එම්.එච්.එම්.නෙතුලි (03) යන දැරියන් දෙදෙනෙකි.
අවුරුදු 05 සහ 07 යන වයස්වල පසුවන මේ දැරියන් දෙදෙනා අක්කා සහ නංගී බවයි. (17) දින පස්වරුවේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ඒ අසන්නයේ ඇති දිය පිරුණු මැණික් පතලකට ඇද වැටි ඇත. පසුව දැරියන් දෙදෙනා නොමැති නිසා සොයා බැලිමේදි එම වළ තුල සිටිය දි සොයාගෙන ගොඩටගෙන බකමුණ රෝහල් වෙත රැගෙන ගියත් ඒ වනවටත් මියගොස් සිටි බවට විමර්ශන වලදි හෙළි වු බව පොලිස් නිලධාරීහු කියති.
උතුරුමැද පළාත් ජේයෂ්ඨ නියොජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ සහ පොලොන්නරුව ප්‍රදේශයභාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ නියෝග පරිදි පොලොන්නරුව කොට්ඨාශය භාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ උපදේස් පරිදි බකමුණ පොලීස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි. කේ. ඩි. බි. තෙන්නකොන් මහතාගේ මෙහෙයවිමෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
මියගිය දරු දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණ සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ (18) දින බකමූණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
හිගුරක්ගොඩ - ප්‍රියා
Source - මව්බිම