May 29

ලොවේ කොතැනක හෝ සිරවුණු එකදු ලාංකිකයෙකු අත නොහරී..


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. ලෝකය පුරා සිටින ලාංකිකයින් විශාල පිරිසක් ලංකාවට පැමිණීමට පොරොත්තු ලේඛණ වල සිටිය දී ප්‍රතිකාර සඳහා සීෂෙල්ස් ජාතිකයින් ලංකාවට ගෙන ආවේ ඇයිදැයි විපක්ෂය ප්‍රශ්න කරනවා. සී ෂෙල්ස් රටේ ජනගහනය 98,000ක් පමණයි.

එවැනි රටක මිළ අධික නිතර අවශ්‍ය නොවන සෞඛ්‍ය උපකරණ සඳහා මුදල් ආයෝජනය කිරීම එ් රටට පාඩුයි. ඒ නිසා සීෂෙල්ස් ජනතාවට රට තුළ නැති පරීක්ෂණයක් සිදු කර ගැනීම හෝ සැත්කමක් සිදු කර ගැනීමට ආණ්ඩුව විසින් විදේශීය රටවල රෝහල් සමග ගිවිසුම් අත්සන් කර තිබෙනවා. අපේ වාසනාවට ලංකාවත් ඒ ගිවිසුම් අත්සන් කළ රටවල් අතර තිබෙනවා.

මේක හරියට ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර කරන්න බැරි රෝගියෙකු ගිලන් රථයක නංවා දිසා රෝහලට යවනවා වගේ වැඩක්.

දැන් ඉතින් සීෂෙල්ස් රටේ ලංකාවෙන් ප්‍රතිකාර ගන්නා රෝගියෙකු අසනීප වුවහොත් ඒ ලෙඩා මැරෙන්න අරින්න ද? ඒ රටේ ප්‍රතිකාර නෑ. ලෙඩාගේ ඉතිහාසය දන්නා වෛද්‍යවරු ඉන්නේ ලංකාවේ පමණයි. ඉතින් ඒ රටේ ආණ්ඩුව ගුවන් ප්‍රවේශපත්‍ර, හෝටල් ගාස්තු සහ රෝහල් ගාස්තු ගෙවා ඒ රටේ පිලිකා සහ හෘද රෝගින් වගේම රෝගින් බලා ගන්නා අය සියළුම දෙනා 35ක් ලංකාවට එව්වා. ඒ අය නිරෝධානය කර රෝහලට යොමු කරනවා. එහි ඇති වරද මොකද්ද?

සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය වැනි රටවල් කිහිපයකට උරුම සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය health tourism දැන් ලංකාවටත් විවෘත වෙලා. කොරෝනා මරණ ලොව අඩුම රටවල් අතර ලංකාව ඉන්නා නිසා ඒ අවස්ථාව තවත් උද්දීපනය වෙලා. සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය හරහා ලංකාව දියුණු වුණොත් තමන්ට බලයට එන්න අවස්ථාවක් නැති වේවි කියා විපක්ෂය ඉරිසියාවෙන් පැලෙන්න හදනවා.

ප්‍රශ්නය – මේ පැමිණ සිටින සියලුම දෙනා රෝගීන් ද ?

පිළිතුර – මෙතන තිස් පස් දෙනෙකු සිටිනවා. රෝගීන් සහ ඔවුන්ගේ සාත්තුවට පැමිණි පිරිස කියන දෙගොල්ලොම එයට අයත්. ලංකාවේ නිරෝධායනය පිළිබඳව පවතින නීතිරීතිවලට ඔවුන් යටත්.

ප්‍රශ්නය – මොවුන් රැගෙන යන්න තව සතියකින් ගුවන්යානයක් එන බවට කියවෙනවා. ඒ නිසා ඔවුන් කොච්චර කාලයක් නිරෝධනයට ලක්වෙයිද ?

පිළිතුර – මම ආරක්ෂක නිලධාරියෙක් නොවෙයි ඔවුන් අසලට වෙලා මුර කරන්නට ඔවුන් කී දවසක් නිරෝධායන වෙනවද කියලා. රටේ පවතින නීතිය ඔවුන්ට අදාලයි. ඔවුන්ට විශේෂ නීතියක් අදාල කරලා නැහැ.

ප්‍රශ්නය – මේ පිරිස දින දාහතරක් වත් රටේ රැඳී සිට නිරෝධායනය වෙන්නේ නැතිව ඇති නේද ?

පිළිතුර – ඔවුන් දින දාහතරක්වත් ඉන්නේ නැති වෙයි, ඊට කලින් ගෙනියන්න ගුවන්යානයක් එනවා වැනි කතා ඔබතුමන්ගේ අනුමාන කිරීම් පමණයි. එහෙම නැත්නම් එක එක්කෙනා කියන කතා. තාම එහෙම දෙයක් සිදුවෙලා නැහැ. හෙම දෙයක් සිදුවුණොත් ඔබතුමාට මෙතැනට ඇවිල්ලා ඒ ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. ජනාධිපතිතුමා ගේ පුතා මෙරටට ගෙන්වාවත් නිරෝධායන නීතිවලට යටත් වෙනවා. දින විසි අටකින් සමාජයෙන් කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ. වියට්නාමය වැනි රටවල් අතලොස්සයි එහෙම තියෙන්නේ. රට ඒ තැනට ගෙනාවේ සැමට නීතිය එක ලෙස ක්‍රියාත්මක කිරීම නිසා. ලොක්කගෙ පුතා සොක්කගේෙගෙ පුතා කියලා වෙන් කළා නම් තවත් ඇමරිකාවක් බ්‍රසිලයක් රුසියාවක් බිහිවන්නට ඉඩ තිබුණා. එහෙම කඩවීමක් වුනොත් ඔබතුමා ඇවිල්ලා ප්‍රශ්න කරන්න. සැකයෙන් ප්‍රශ්න අහන්නට එපා. දත්ත මත පදනම්ව ප්‍රශ්න ඇසීම සිදු කරන්න.

මම චරපුරුෂයෙක්වත් ආරක්ෂක නිළධාරියෙක්වත් නෙවෙයි. මට ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්නට පුළුවන්. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය, තරාතිරම කුමක්වුවත් ශ්‍රී ලංකාවට පැමිණෙන කෙනෙක් නිරෝධායන රීතීන් අනුගමනය කළ යුතුයි. යම්කිසි කෙනෙක් එය කඩ කරලා තියෙනවානම් ඒ තොරතුරු අරගෙන අප වෙත එන්න. අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට නීතිය අනුව කටයුතු කරනවා. නීතිය කඩකරපු නිලධාරියෙක් ඉන්නවනම් ඔහුටද අපි රටේ නීතිය ක්‍රියාත්මක කරනවා.

ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා ලංකාවට ගේනවා

විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙන ඒම. තාවකාලිකව නතර කිරීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අතර අසහනයක් ඇති වුණා. කුවේට් වලින් පැමිණි අය අතර කොරෝනා රෝගින් සීයකට අධික පිරිසක් සිටීම නිසා මෙරට ජනතාව අතර ගෙන ඒම පිළිබඳ විරෝධයක් ඇති වෙලා. ආණ්ඩුවක් විධියට අපි මේ හැමෝටම සවන් දෙන්න ඕනෑ.

ලංකාව මව්බිම කර ගත් ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන සියළුම දෙනා ලංකාවට ගෙන ඒම ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. පුංචි භූතානයත් ලෝකය පුරා සිර වී සිටි තම ජනතාව ගුවන් යානා යවා මව්බිමට ගෙන්වා ගත්තා නම් අපිත් ඒක කළ යුතුයි. මොකද ලාංකිකයින්ට ලංකාවට එනවා මිස වෙන යන්න තැනක් නෑ. මතක තියා ගන්න. කොවිඩ් 19 නිසා තමන්ගේ රටේ ජනතාව තමන්ට භාර දෙන්න කියා ඉල්ලා සිටි ලොව මුල්ම රට ලංකාවයි. වූහාන් නගරයේ වෛරසය පැතිරීම ඇරඹුණු විට එහි සිර වී සිටි ලාංකිකයින් 33 දෙනා අපට දෙන්න කියා මුලින්ම ඉල්ලුවේ ලංකාවයි.

ලංකාවට එන්න කැමති ලංකාවේ සියළුම දෙනා ලංකාවට ගෙන්නා ගන්නා නමුත් එය ලංකාවේ නැති ප්‍රශ්න ඇති නොවන අයුරින් කළ යුතුයි. ලංකාවේ සෞඛ්‍ය සේවාවට බරක් නොවන අයුරින් කළ යුතුයි. ඒ වගේම ගුවන් යානයේ දී රෝගය වැලැඳීමේ අවදානමක් නොතිබිය යුතුයි. ලංකාවේ කොවිඩ් 19 පාලනය වුණු වහාම අපි විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ඇරඹුවා. නමුත් නාවික හමුදා පොකුරෙන් සහ කුවේට් පොකුරෙන් එක පාරටම අනපේක්ෂිත අයුරින් රෝගින් සංඛ්‍යාව ඉහළ දැම්මා. අන්න ඒ නිසා තමයි තාවකාලිකව ලාංකිකයින් මෙරටට ගෙන ඒම නැවැත්තුවේ. තත්වය පාලනය වුණු වහාම නැවත ලාංකිකයින් ගෙන ඒම අරඹනවා. එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න කියා අපි ලොව පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.