May 30

කොරෝනා අස්සේ බ්‍රිතාන්‍ය හෙදියක් සමග රෝහලේදීම විවාහ වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයා


කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු සහ හෙදියක ඔවුන් සේවය කරන රෝහලේදීම විවාහ වී තිබෙනවා.

34 හැවිරිදි ජෑන් ටිපිං සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 30 හැවිරිදි අන්නාලන් නවරත්නම් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ පිහිටි දේව සභාවකදී විවාහපත් වී තිබෙනවා.

ආරාධිතයින් දූරස්ථව ඔවුන්ගේ සුවිශේෂී දිනය සැමරීමට එක්ව සිටි අතර එක් සාක්ෂිකරුවෙකු විසින් විවාහ මංගල දේව මෙහෙය සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබුනා.

ඔවුන් දෙපළ පැවසුවේ, “සියලු දෙනා තවමත් සෞඛ්‍ය සම්පන්නව සිටින අතරතුර” සිය මංගල උත්සවය සිදු කිරීමට තීරණය කළ බවය.

ජෑන් ටිපිං සහ අන්නාලන් නවරත්නම් අගෝස්තු මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මංගල උත්සවය අවලංගු කර දැමුවේ, ඔවුන්ගේ දෙමාපියන්ට උතුරු අයර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව පැමිණීමට නොහැකි වනු ඇතැයි යන බිය හේතුවෙනි.

ඒ අනුව දකුණු ලන්ඩනයේ පදිංචි එම යුවළ සිය මංගල උත්සවය අගෝස්තු මාසයට පෙර පෞද්ගලික උත්සවයක් වශයෙන් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ගිලන් රථ හදිසි සේවා හෙද නිලධාරිනියක වන ජෑන් ටිපිං පැවසුවේ, “අපිට අවශ්‍ය වුණේ අපට ආදරය කරන සියලු දෙනාට තිරයක් හරහා හෝ අපේ විවාහ සැමරීම දැකගන්න සැලැස්වීමටයි,” යනුවෙනි.

මේ අතර, ශාන්ත තෝමස් රෝහලේ වෛද්‍යවරයෙකු වන අන්නාලන් නවරත්නම් පැවසුවේ, “අපි දෙන්නා අපි වෙනුවෙන්ම කැපවුණ එක ඉතාමත් සතුටට පත්වූ” බවය.

විවාහ උත්සවයේදී නර්තන සහ මංගල කතා ද පැවැත්වුණ අතර දුරස්ථ මංගල සාදයක් ද විය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.