May
30
සැමියා සමඟ එකතු වී තම 23 හැවිරිදි සිය නැගණියට අක්කා කල විපත !
වැල්ලවාය ඌව කුඩාඔය පොලිස්බල ප්රදේශයේ තෙලුල්ල ජනපදය නයිගල් ආර ප්රදේශයේ පදිංචි වයස අවුරුදු විසිතුනක් වන තරුණියක් ඝාතනය කිරීමෙ සිද්ධියට සම්බන්ධ එම තරුණියගේ සහෝදරියක් සහ ඇගේ ස්වාමි පුරුෂයා බවට පැවසෙන පුද්ගලයකු ඌව කුඩාඔය පොලිසිය විසින් ඊයේ (28) පස්වරුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ නයිගල් ආර තෙළුල්ල ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ තක්ෂිලා සදුන් දීපානී නැමති වයස අවුරුදු විසිතුනක වන අවිවාහක තරුණියකි. මෙම තරුණිය පසුගිය පස් වනදා නිවසෙන් අතුරුදන් වී ඇති බවට ඌව කුඩාඔය පොලිසියට තොරතුරක් ලැබී තිබිණ. ඒ ඔස්සේ සිදු කල විමර්ශනයන් සහ මියගිය මෙම තරුණියගේ පෙම්වතාගේ උපක්රමශීලීභාවය නිසා ඊයේ (28) දින මෙම අපරාධය පිළිබඳව තොරතුරු අනාවරණය විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර සහෝදරිය සහ ඇගේ ස්වාමිපුරුෂයා විසින් ඝාතනය වූ තරුණිය කිසියම රැකියා කටයුත්තක් යාම සදහා මාර්ගයේ ගමන් කරමින් සිටින අතර තුර ඒ මාර්ගය අසල ඇති කෑලෑවකට රැගෙන ගොස් පොල්ලකින් පහර දී මරාදමා ඇති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. එම ඝාතනය සිදු කලස්ථානය සැකකරුවන් විසින් පොලිසියට පවසා ඇති අතර පසුව පොලිසිය එම ස්ථානයට ගොස් සොයා බැලීමේ අස්ථි කොටස් කිහිපයක්,හිස් කබල,ඇදුම් සහ බෑගයක්ද සොයාගෙන තිබෙනවා.
දැනට අනාවරණය වන තොරතුරු වලට අනුව මෙම මියගිය තරුණිය ජීවත් වූ නිවස සහ ඉඩම ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බව කුඩාඔය පොලිසිය පවසයි. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු විසි අටක් වන කාන්තාව සහ ඇගේ ස්වාමි පුරුෂයා බවට පැවසෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් අද (29) වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මොනරාගල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත දීපාල් විජේසේකර මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත ඌව කුඩාඔය පොලිසිය ස්ථානාධිපති ප්ර.පො.ප ප්රසාද් සිරිවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ඌවකුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
එම දුක්බර කතාව පහතින් නරඹන්න..
නිවසක් නිසා දෙදරා ගිය සහෝදරකම
නිවසක් නිසා දෙදරා ගිය සහෝදරකම
Posted by Live at 8 on Friday, May 29, 2020