May
14
සිරවූ සංචාරකයන් රැක බලා ගැනීම වෙනුවෙන් ලංකාවට ඉහළ පැසසුම්
විදේශීය සංචාරකයින් රැකබලා ගැනිම සඳහා ශී‍්‍ර ලංකාව දරණ උත්සාහය ජාත්‍යන්තරයේ ප‍්‍රසාදයට ලක්ව තිබෙනවා.
පාර්ශව ගණනාවක් මේ සම්බන්ධයෙන් කෙටි විඩියෝද නිර්මාණ කර ඇති අතර ඒවායේ සඳහන් වන්නේ ලෝකයේ බොහෝ රටවල් එම රටවල සිටින විදේශීය සංචාරකයන් නොසලකා හැර සිටියදී ශී‍්‍ර ලංකාව විදේශීය සංචාරකයින් පිළිබඳ ඉතා ඕනෑකමින් සොයා බලමින් ඔවුන් රැකබලා ගන්නා බවයි.
ලොව පුරා බොහෝ රටවල සිටින විදේශීය සංචාරකයන්ට නවාතැන් සහ ආහාර සපයා ගැනීමටද නොහැකි වී තිබෙනවා.
කෙසේවෙතත් ශී‍්‍ර ලංකාවේදී එවැනි අපහසුතාවලට මුහුණ දීමට විදේශීය සංචාරකයන්ට සිදුව නොමැති බවද රජය මෙන්ම පුරවැසියන්ද විදේශීය සංචාරකයන්ට සහය වන බවද ජාත්‍යන්තරව නිර්මාණය කර ඇති කෙටි විඩියෝවල සඳහන්.
ව්‍යසනය පහව ගිය පසු සංචාරකයන් ශී‍්‍ර ලංකාවට කෘතගුණ දැක්විය යුතු බවද ඒ අනුව ශී‍්‍ර ලංකාවට සංචාරය කර ශී‍්‍ර ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වන ලෙසද සංචාරයට ඇලූම් කරන සියලූ දෙනාට මෙම විඩියෝ මගින් යෝජනා කර තිබෙනවා.