May
31
මාලදිවයින කටාර් සහ කුවේට්වලින් පැමිණි පිරිසට කොරෝනා
බාහිර සමාජයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හඳුනාගෙන අදට මාසයක කාලයක් ඉක්මවනවා.වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ක්ෂේත්රයෙන් අවසන් වරට කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගත්තේ අප්‍රේල් මස 30 වනදා බවයි.
මේ අතර, ආසාදිතයින් හැටදෙදෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1620 දක්වා ඉහළ ගියා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 25 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බවයි.
ඔවුන් පුත්තලම, කල්පිටිය, මුලතිව්, කන්දකාඩු සහ ඔලූවිල් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිසක්.
එසේම, අනෙක් ආසාදිතයින් 30 දෙනාගෙන් තුන් දෙනෙකු මාලදිවයිනේ සිටත්, 08 දෙනෙකු කුවේට් සිටත්, 19 දෙනෙකු කටාර් රාජ්‍යයේ සිටත් දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පුද්ගලයින්.
විදේශ රටවල සිට දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 502 ක්.
නාවික හමුදා සාමාජිකයින් 759 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් 388 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්.
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 829ක් මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 781ක්