May
30
ජූනි 20දා ජන්දය තියන්න විපක්ෂය අකමැති වූ හේතුව ජනපති ගොඨාභය හෙළිකරයි..!
ජූනි 20 වෙනිදා මහ මැතිවරණය පවත්වනවාට විපක්ෂයේ ඇතැම් නියෝජිතයින් පසුගිය සමයේදී දැඩි ලෙස විරුද්ධ වූවා.
මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පැවති රැස්වීමකදී මැති ඇමතිවරුන් අදහස් පලකල ඇති අතර ,එවිට එතෙක් නිහඬව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ඔවුන් එම දිනයට දැඩි ලෙස විරුද්ධ වන කාරණය තමන් දන්නා බවයි.
එය කුමක්දැයි සෙසු මන්ත්රීවරුන් ඇසූ විට සිනහමුසු මුහුණින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ
“එදාට මගේ උපන් දිනේ. ඒකයි මේ අය අදි මදි කරන්නේ. ගිය පාර ජනාධිපතිවරණය පැවැත්වුනේ මහින්ද ජනාධිපතිතුමගේ උපන් දිනේ දවසේ.ඒ නිසා මේ අය බයවෙලා එක එක විකාර අදහස් ඉදිරි පත් කරනවා. හැබැයි ඉතින් ඔය දිනේ තෝරගෙන තිබ්බෙ මම නෙවෙයිනෙ..මැතිවරණ කොමිෂන් සභාවනෙ.” යනුවෙනුයි.