May 30

"ඒක මියුසික් වීඩියෝවක්ම කියන්න බෑ" - පැතිරෙන කතා ගැන සමිතා ඇත්ත හෙළිකරයි !


සමිතා එරන්දතී මුදුන්කොටුව කිව්වම කවුද නොදන්නේ. ඇයගේ හඬට සුවහසක් දෙනා ආදරය කරනවාට සැකයක් නැහැ. ඒ තරම් ඒ හඬ රසික ජනතාවට බැඳිලා. සමිතා ගැන මේ දවස්වල අමුතු කතා ටිකක් ඇහෙන්න අරගෙන. සමිතා ආයෙත් විවාහ වෙන්න යනවාය කියලා තමයි මේ හාව හූව පැතිරෙන්නේ.

ඒ වගේ කතාවක් පැතිරෙන්න හේතු වුණේ ඇය පසුගිය දවසක රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් කියූ කතාවක් නිසා. සමිතා නැවත විවාහ වුණාදැයි ඇසූ ප්‍රශ්නයට සමිතාගේ පිළිතුර වුණේ “විවාහ වෙයි” යනුවෙන්.

ඇය වැඩිදුරටත් එම වැඩසටහනේදී පවසා තිබුණේ දරුවෝ දෙන්නා තමන්ගේ පණ, තමන් කවදාවත් ඒ දෙන්නාව දාලා ගියේ නැති බව වගේම ජීවිතය වගේ ඉන්න තමන්ගේ දරුවෝ දෙන්නවත් ආදරයෙන් බලාගන්න කෙනකුට තමන් ආදරය කරන බවයි. එය තමන්ගේ දරුවන්ට ප්‍රශ්නයක් නොවෙයි නම් කාටත් ප්‍රශ්නයක් නැති බවත් තමයි ඇය එම රූපවාහිනි වැඩසටහනේදී පවසා තිබුණේ.

එම වැඩසටහනේදීම තමන්ගේ පෙම්වතා බවට ඇය පෙන්වූ ඡායාරූපයක් නිසා සමාජ මාධ්‍යවල ටික් ටොක් වීඩියෝවලින් ජනප්‍රිය තරුණයකු දෙසට බොහෝ දෙනාගේ අවධානය යොමුවීම නිසා සමිතාට විවිධාකාරයේ මඩ ප්‍රහාරවලට ගොදුරු වෙන්න මේ දවස්වල සිදු වෙලා. මේ කතාවල ඇත්ත නැත්ත දැනගන්න අපි සමිතාට කතා කළා. ඒ ඇයව අපහාසයට හෝ ඇයට නිග්‍රහ කරන්නට හෝ ඇයව විනිශ්චය කරන්නට නොවෙයි. මේ මඩ ප්‍රචාරවලට ඇයගේ ප්‍රකාශයක් හේතු වූ නිසා ඇයගේ පසින් ලැබිය යුතු පිළිතුර දැන ගැනීමට. ඒ අවස්ථාවේදී ඇය පැවසුවේ මෙවැන්නක්.

“ඇත්තටම මම ඔය ගැන කතා කරන්න කැමති නැහැ. මඩ ගහන අය කොහොමත් මඩ ගහනවනේ. මාධ්‍ය වුණත් කරන්න ඕනේ කලාකරුවන්ව වැරදියි කියලා පෙන්වන්න උත්සාහ කරන එක නෙමෙයි. ඉතිං මම කැමති නැහැ මේ වෙලාවේ කිසිම දෙයක් ගැන කතා කරන්න. මට පාඩුවේ ඉන්නයි අවශ්‍ය”

ඇය මෙසේ කියද්දී සමාජ මාධ්‍යවලින්ම ප්‍රචාරය වන සමිතාගේ අලුත් මියුසික් වීඩියෝවේ කතන්දරයට මෙය අෑඳෙනවාද කියලා අහන්නත්, අපිට සිද්ධ වුණා.

“ඒක මියුසික් වීඩියෝවක්ම කියන්න බෑ. කොහොම වුණත් අපි අලුත් දෙයක් කළාම ඒ ගැන කතා කරමු. ඒක හොඳයි නේද?”

ඇය පැවසුවේ එවැන්නක්. ඇයගේ ජීවිතය අයිති ඇයට. ඇය ගන්න තීන්දු තීරණ අයිති ඇයට. ඒ රසිකයෝ විදිහට ඔබටවත් මටවත් ඇයගේ ජීවිතය විනිශ්චය කරන්න නම් අයිතියක් නැහැ. ඇයගේ ගීත රස විඳින්න ඔබට මට අයිතියක් තිබුණත්, ඇයගේ ජීවිතයේ තීන්දු තීරණ කුමක් වුවත් එය විවේචනය කරන්නට, ඇයට සහ ඇයගේ දරුවන්ට මඩ ගහන්න රසික ඔබට අවසරයක් නැහැ. ඉදිරියටත් ඇගේ ගීත රස විඳලා ඒ ප්‍රතිචාරය ඇයට දෙමු. ඇයගේ පෞද්ගලික ජීවිතයේ තීන්දු තීරණවලට විනිශ්චයකාරයන් නොවී ඉමු.

- මව්බිම පුවත්පත
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.