Apr
30
සෙනාලි ෆොන්සේකාගේ පියා කොරෝනා ආසාදනයෙන් ජීවිතක්‍ෂයට
හෙළ සිංහල සිනමාවේ අපේ ජ්‍යෙෂ්ඨ රංගධාරි මාලනී ෆොන්සේකා මැතිණිය ගේ සහෝදර (මල්ලි) සහ නව පරපුරේ රංගණ ශිල්පීණී සෙනාලි ෆොන්සේකා ගේ ආදරණීය පියාණන් වු උපාලි ෆොන්සේකා මහතා ඊයේ රාත්‍රී ලන්ඩන් නුවර රෝහලකදී අභාවප්‍රාප්ත වි ඇත.
ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත්තේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් බව කියැවේ.
වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් වන උපාලි ෆොන්සේකා මහතා දිගු කලක් තිස්සේ එංගලන්තයේ ජිවත් වූ අයෙකි.
ඔහු ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාගේ පියාද වේ.
ඔහුට කොරොනා රෝගය වැළදී රෝහල වෙත දැනුම් දී ඇතත් සතියක කාලයක් ගත වන තුරැත් රෝහලට ඇතුල් කර ගැණීමට හෝ ඒ කාලය තුල යම් ප්‍රමාණයක ප්‍රතිකාරයක් කිරීමට එරට රොහල් වෛද්‍ය වරැන් සහ කාර්යය මණ්ඩලය ක්‍රියා කර නැත. අවසාන දින දෙකේ රෝහලට ඇතුලත් කර ඇතත් ඒ වන විට ඉතාමත් දරුණු අතට රෝගය උත්සන්න වී ඇත.ඉතාමත් අමානුෂික අයුරින් එරට බලදාරීන් පවා සියඵම ආසාධිතයින් සදහා කිසිඳු තැකීමක් ගනන් ගැණිමක් සිදු නොකරන බවට ආරංචි මාර්ග දන්වා සිටී.
එපමණක් නොව පව්ලේ සියළුම අය උපාලිට සෙත් පතා ඊයේ රාත්‍රි බෝධි පුජාවක් පවත්වමින් සිටින අවස්ථාවේ එරට රෝහල මගින් වීඩියෝ දුරකථන ඇමතුමත් රැගෙන උපාලි මහතා අවසන් හුස්ම හෙළන අවස්ථාව සහ මිය යන අවස්ථාව පමණක් පවුලේ අයට දැක බලා ගැනීමට සලස්වා ඇත.
