Apr
30
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම් ප්‍රදේශ රැසක එම වෛරසය පැතිරයාම මේ වන විට ඉතා හොඳින් පාලනය කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.
රෝගය ව්‍යාප්තිය පාලනය වුවද එම ප්‍රදේශ ගැන අවධානය කිසිසේත්ම අඩු කරන්න නැතැයි ද ඇය පැවසීය.
මේ වන විට ප්‍රශ්නයක් වී ඇත්තේ නිවාඩු ලබා ගමට ගිය නාවුක හමුදා සෙබළුන් හරහා සිදුවන සම්ප්‍රේෂණය පමණක් පැවසූ ඇය නාවික භටයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම ද සාර්ථකව සිදුවන බවද සඳහන් කළාය.
මෙරට තුල අලුතින් රෝගය ප්‍රබල ලෙස වාර්තා වීමක් දක්නට නැති බවත් සෞඛ්‍ය අංශ විසින් දෙන උපදෙස් ජනතාව නිවැරදිව පිලිපැද්දොත් මෙම වසංගතය ඉක්මනින්ම තුරන් කර ගත හැකි වනු බව ඇති බවත් ඇය පැවසීය.
කොරෝනා වෛරසයට හොඳම ඖෂධය ජනතාව විසින් සංචාරණය සීමාකර ගැනීම බවද කී ඇය බොහෝ ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීම අගය කරන බවද සඳහන් කළාය.
මේ වන විටත් වෛරසය සමාජය තුල පැතිරීමක් දක්නට නැති බව ඇය තවදුරටත් කියා සිටියාය.