Apr
19
මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගනු ලබන තීරණය අනුව කටයුතු කරනවා මිස ආණ්ඩුවට කැමති ආකාරයකට තීන්දු තීරණ ගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මැතිවරණ කොමිසම මහ මැතිවරණයකට යාමට තීරණය කළහොත් රජය ඒ අනුව කටයුතු කරන බවද ඔහු පැවසුවේය.
දැනට රට පාලනය කරන විදිය හොඳ බවත් මැතිවරණයක් අවශ්‍ය නැති බවත් බොහෝ දෙනා පවසන බවත් අගමැතිවරයා සඳහන් කලේය.
කවුරුන් කෙසේ කීවද මැතිවරණ නීතියට පිටින් කටයුතු කළ නොහැකි නිසා මැතිවරණ කොමිසම ගන්නා තීන්දු තීරණ අනුව රජය කටයුතු කරනවා යැයිද අගමැතිවරයා තවදුරටත් කියා සිටියේය.