Apr
19
"කොරෝනා රෝගීන් රට තුල විශාල ප‍්‍රමාණයක් සිටිනවා. රජයේ සංඛ්‍යාලේඛණ බොරු" - රාජිත
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සඳහන් කරන නිල සංඛ්‍යා ලේඛනවලට වඩා කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් මෙරට තුළ සිටින බව තම අදහස යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
වෙනත් රටවල ආකාරයට මෙරට තුළ කොරෝනා ආසාදිතයන් හදුනාගැනීමේ පරීක්ෂණ සිදු නොකරන බවද ඔහුගේ අදහසයි.
සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
කොරෝනා රෝගය සාර්ථකව පාලනය කල රටවල් 40ක ලේඛනයන් මෑතක දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප‍්‍රසිද්ද කර තිබුනද එහි ශ්‍රී ලංකාවේ නම නැතැයි ද ඔහු සඳහන් කළේය.
තමන් විසින් මාර්තු 12 වැනිදාට පෙර යෝජනා කළ පරිදි ගුවන් තොටුපළ වසා දැමුවේ නම් කොරෝනා වෛරස මෙරටට ඇතුළු නොවන බවද ඔහු එහිදී සඳහන් කර ඇත.