Apr
18
ඒකාධිපතියෙක් බිහි කර ගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ 225 නඩත්තු කරන එක ගෞරවයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
දැන් පවතින විදිහක් හොඳ බවත් ඒකාධිපතියෙක් වූවාට ප්‍රශ්නයක් නැති බවත් පවසන්නේ ඒකාධිපතියෙකුගේ දෙපා ලෙවකන පිරිසක් බවද ඔහු පැවසීය.
මෙරට ව්‍යවස්ථානුකූලව ද පිළිගෙන ඇත්තේ ඒකාධිපතියෙක් නොව ප්‍රජාතන්ත්‍රවාදීව පත් කරගත් මහජන නියෝජිතයන්ගෙන් පාලනය කිරීමක් බවද ඔහු සදහන් කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.