Apr 14

රන්ජන්ගේ රෙදි ගැලවෙයි කොලුවා භෞත චිකිත්සකයෙක් නොවේ සතියක් ඇතුලේ..


එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ දිනයේ සිය නිල නිවසට ගෙන්වාගෙන ඇති පුද්ගලයන් භෞත චිකිත්සක නිලධාරියෙක් යැයි පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ භෞත චිකිත්සක නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

ඊයේ දිනයේ අත්අඩංගුවට ගන්නා ලද එකී නම සදහන් පුද්ගලයා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වී නැති බවත් ඔවුන් කියා සිටියි.

රට පුරා විවිධ පුද්ගලයන් භෞතචිකිත්සාවට මුවාවී විවිධ විෂමාචාර ක්‍රියා සිදුකිරීම මීට පෙරද වෛද්‍ය වාර්තා වී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම ගැන කනගාටු වන බවත් නිවේදනයක් නිකුත් කරමින් සංගමයේ සභාපතිවරයා කියා සිටී.

ඊයේ දිනයේ ඇදිරි නීති නියෝග කඩකරමින් රාමනායක හිටපු මන්ත්‍රීවරයා මුණගැසීමට ඊයේ පැමිණි පුද්ගලයෙකු සහ මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ දී රාමනායක මහතා කියා සිටියේ මෙම පුද්ගලයා තමන්ගේ භෞත චිකිත්සකවරයා බවත් රජයේ නිලධාරියෙකු බවත්ය.


මෙ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අප්‍රේල් මස 20 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංජගුවට ගන්නා ලද ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කල් ඉකුත් වූ ඇදිරිනීති බලපත්‍රයක් උපයෝගී කරගෙන ඇදිරි නීති නියෝග උල්ලංඝනය කරමින් මාදිවෙල මන්ත්‍රී නිළ නිවාස වලට ඇතුළු වීමට උත්සාහ දැරු පුද්ගලයෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමේදී රාමනායක හිටපු මන්ත්‍රීවරයා මැදිහත්වී පොලිස් රාජකාරියට බාධා කිරීම මත ඔහු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

අදාල පුද්ගලයා තමන්ගේ භෞත චිකිත්සකයා යයි හිටපු මන්ත්‍රීවරයා විසින් හඳුන්වා දුන්නද භෞත චිකිත්සක සංගමය නිවේදනය කර ඇත්තේ ඔහු භෞත චිකිත්සකයෙකු නොවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.